කිලිනොච්චියේ ඉඩමක තිබී පුපුරා නොගිය අධිබලැති බෝම්බ කීපයක් හමුවූ බව මරතන්කෙනි පොලිසිය සඳහන් කරයි. මෙලෙස බෝම්බ හමුව ඇත්තේ කිලිනොච්චිය වෙත්තිලේකේනි ප්‍රදේශයේ ඉඩමකිනි. අදාළ ඉඩමේ හිමිකරු විසින් මෙම ඉඩම ශුද්ධ පවිත්‍ර කිරීමට යාමේදී මෙම බෝම්බ හමුවී ඇත. පසුව ඉඩමේ හිමිකරු ඒ පිළිබඳව මරතන්කෙනි පොලිසිය දැනුවත් කර තිබේ.
එහිදී සම්පිඩිත බෝම්බයක් හා මෝටාර් බෝම්බ තුනක් හමුව ඇත. පොලිසිය කිලිනොච්චිය ආධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයතු සිදු කිරීමට සැලසුම් කර තිබේ. මෙම බෝම්බ පැරණි තත්වයේ පවතියි. මරතන්කේනි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මුලතිව් ප්‍රසන්න ප්‍රදීප්