Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කවුරුවත් බලන්නේ නැහැ – උච්චමුණේ දූපතේ ධීවර අදෝනාව
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කවුරුවත් බලන්නේ නැහැ – උච්චමුණේ දූපතේ ධීවර අදෝනාව
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ප්‍රාදේශීය පුවත්

කවුරුවත් බලන්නේ නැහැ – උච්චමුණේ දූපතේ ධීවර අදෝනාව

July 4, 2025
449 Views

● කල්පිටියට සැතපුම් 15ක් ඈතින් තිබෙන්නේ

● ධීවර රස්සාවෙන් පවුල් 200ක් ජීවත් වෙනවා

● ප්‍රශ්න එමටයි; ආණ්ඩුවේ අවධානයටයි

ජෛව විවිධත්වයෙන් අනූන කලාප, අලංකාර මුහුදු ජීවීන් සහ විවිධ වූ මත්ස්‍ය වර්ග, වෙරළේ සිට බෝට්ටුවලින් ගොස් පොකිරිස්සන් පණ පිටින්ම අල්ලාගෙන එන ධීවරයෝ, නිසල කලපුව කළඹවන ඉස්සන් ඇල්ලීමට යන කුඩා ඔරු රැගත් ධීවරයෝ, උදෑසන ධීවර තොටුපළවල උඩ පනිමින් දඟලමින් පණගහන මාළු, හිමිදිරියේ පැමිණි මාළු වෙළෙඳුන්ගේ ඝෝෂාව මේ එදවස කල්පිටිය උච්චමුණේ, දූපතේ මෙන්ම ධීවර තොටුපළවල දසුන්ය. ඒ කලබලය කරච්චලයක් වුවත් සුන්දරත්වයක් ගෙන දුන්නාහ. දූපත්වාසීන්ගේ මන දොළ පිනවූහ. ඔවුනගේ එදිනෙදා අවශ්‍යතාවයන් අපහසුවකින් තොරව සපුරා ගත්හ.

අද ඒ තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. සිදුවී ඇති පරිවර්තනය ඔවුන්ගේ ජීවිතවලට දැඩි බලපෑම් එල්ල වී තිබේ. සිතැඟි පරිදි නෙළා ගත් මත්ස්‍ය සම්පත සිදු කරන්නා වූ තහනම් දල් භාවිතය විසින් උදුරා ගෙනය.. අහස උසට නැග ඇති ධීවර ආම්පන්නවල මිල ගණන් ඊට නොදෙවෙනිය. ඉන්ධනවල මිල ඉහළ යෑම තවත් බාධකයකි. මේ සියලු කාරණා නිසා ඔවුන්ගේ ජීවිත උඩු යටිකුරු වී ඇත.

කල්පිටිය ලංකාවේ ඇති තවත් අති සුන්දර වෙරළ තීරයකි. කරදිය හා මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට ප්‍රසිද්ධය. කල්පිටිය අර්ධද්වීපය ආසන්න මුහුදේ දූපත් ගණනාවකි. බත්තලංගුණ්ඩුව, උච්චමුණේ, මොහොත්තුවාරම, කිරිමුන්දලම සහ පල්ලියවත්ත ඉන් තරමක් ප්‍රසිද්ධ මෙන්ම ජනාවාස වූ දූපත්ය.

එම දූපත්වල වෙසෙන ජනතාව ගතකරන ජීවිත බාහිරව දකින සුන්දරත්වය මෙන් නොව ඉතා කටුකය. බහුතරයකගේ ජීවිත ඒ දූපත්වලටම සීමාවූවකි. අවශ්‍යතා කීපයකට පමණක් දූපතින් පිටතට යනවා හැරෙන්නට මේ ජීවිතවලට බාහිර ලෝකය සමග ඇත්තේ ඉතා අඩු සම්බන්ධතාවකි.

පසුගියදා පැවති කල්පිටියේ සිදුකළ සංචාරයේදී උච්චමුණේ දූපතට ද අපට පය ගැසීමට අවස්ථාව ලැබුණා. ලස්සනත්, කටුක බවත් එකට මුසුවී ගොඩනැඟෙන අමුතුම පරිසරයක් තුළ එහි ජීවත්වන ජනතාව සමග සිදුකළ කථාබහක සංවේදී වූ පෙළගැස්මකි මේ.

අපිව බලන්න කවුරුත් නෑ …. එදත් එහෙමයි… අදටත් වෙනසක් නෑ.. අපි වෙන ලෝකෙක ඉන්නවා කියල හිතනවා ඇති….. අපි හොයා ගත්තොත් අපි කනවා…… උච්චමුණේ දූපත දිනෙන් දින මුහුදට දියවී යෑමෙන් අහිමි වන පොල්ගස් හා භූමි ප්‍රමාණයද ඔවුනගේ ගැටලු ලැයිස්තුවේ පෙරමුණේය.

කල්පිටිය නගරයේ සිට මුහුදු සැතපුම් 15 කට ආසන්න දුරකින් පිහිටි උච්චමුණේ දූපත කල්පිටිය අර්ධද්වීපයේ පිහිටි දූපත් වළල්ලේ තවත් එක් මිනිස් ජනාවාසයක්. උච්චමුණේ දූපතේ විශාලත්වය අක්කර දහස ඉක්මවනවා. ජීවත්වන පවුල් සංඛ්‍යාව 200 කට ආසන්නය.

මේ ඒ ධීවර ජනතාව මුහුණ පා ඇති ගැටලු සම්භන්ධවය

කේ. මනෝහරන්……..

අපි මේ දූපතෙන් ඉන්නේ පොඩි කාලේ ඉඳන්. ඒ දවස්වල අපිට කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නෑ. මොකද අඩුවක් නැතුව මාළු අහුවුණා. මාළු අල්ලන්න ලොකු වියදමක් යන්නෑ. නමුත් මේ මෑතක ඉඳන් අපි ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනවා. විශේෂයෙන් මේ කලපුවෙත් ඒ වගේම මුහුදෙත් වෙනදා වගේ මාළු නෑ. ගොඩක් දෙනෙක් මේ තහනම් දැල් පාවිච්චි කරලා මාළු අල්ලන්නේ. ඒ හින්දා කුඩා මාළු පැටව් ඒ දැල්වලට අහුවෙනවා. උන් ටික කන්නෙත් නෑ. මැරිලා යනවා. කාලයක් යද්දි ලොතු මාළු නැතුව යනවා. දැන් එහෙම වෙලා තියෙන්නේ. අනිත් එක තමයි කලපුවෙත් ඒ වගේමයි. කඩොලාන පරිසරය විනාශ කරන හින්දා මාළු බෝවෙන්නෑ. ඉතින් මේ තත්ත්වය දිගින් දිගටම තිබ්බොත් අපිට වෙන්නේ මේ දූපතට වෙලා නිකන් ඉන්න. අපි මේවා කියන්න ඕන හැම තැනකටම කියලා තියෙන්නේ. මේ රජයවත් අපිව බලන්න එයි කියලා හිතුවා, තාමත් නෑ.

එන්. සිල්වෙස්ටර්…….

කලපු තීරයේ මුහුදු තීරයේ සුන්දරත්වය විඳින්න බොහෝ දෙනක් එනව අපිට පේනවා. එයාලා හරි විනෝදයෙන් කලපුව හරහා යනවා. නමුත් ඒ අය දකින සුන්දරත්වය අපේ සිත්වල නැහැ. අපි ජීවත් වෙන්නේ මාළු අල්ලලා. වෙන කිසිම ආදායම් මාර්ගයක් නෑ. මාළු අඩුවුනොත් මොනවද කරන්නේ. ඉතින් දැන් අපිට ටික ටික මාළු නැතිවෙලා යනවා. අපේ ජීවිත හරිම කටුකයි, සුන්දර නෑ, ඇත්තටම අපේ ප්‍රශ්න කතා කරන්න කවුරුත් නෑ. ඇමැතිවරු එන්නෑ. හැබැයි ඡන්දෙ කාලෙට එනවා. පොරොන්දු දෙනවා. ඒත් මෙතෙක් කාලෙකට කිසිදු කෙනෙක් මේ ප්‍රශ්න විසඳන්න ඇවිල්ල නෑ. එන්නම් කිව්වට අපිට කවුරුත් විශ්වාස කරන්න බෑ.. අපි මේ රජය විශ්වාස කරලා ඡන්දය දුන්නත් අපිට තවම විසඳුමක් ලැබුණේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා අපි හිතනවා ජනාධිපතිතුමා මේ අපි ගැන අවධානය යොමු කරලා මේ ප්‍රශ්නවලට විසඳුමක් දෙයි කියලා.

නෙල්කා තමෙල්…..

මේ දූපතේ අපිට ගොඩක් ප්‍රශ්න තියෙනවා. අපි ළමයිගේ ඉගෙනුම සම්බන්ධව ප්‍රශ්න ගොඩක් තියෙනවා. හැබැයි වෙනදා වගේ මාළු අහුවුනානම් මේ දේවල් ටිකක් හරි විසඳෙනවා. මොනව හරි උවමනා වුණොත් කල්පිටියට යන්න වෙන්නේ. ඉතින් බෝට්ටුවට ලොකු ගාණක් වියදම් කරන්න වෙනවා. අපිට මේ දූපතට කොටුවෙලා දුකසේ ඉන්නේ. ඉස්සර නම් අපිත් මොනවා හරි දෙයක් කරල ජීවිතේ ගැට ගහගන්න පවුලට විශාල සහයෝගයක් දෙනවා. නමුත් දැන් ඒ තත්ත්වේ නෑ. අපි කියන්නේ අපි ගැන බලල මොනවා හරි කරන්න කියලා.

හැමදාම මුහුදට යන්නෙ ලොකු බලාපොරොත්තු තියාගෙන. නමුත් ඉඳලා හිටලා තමා අපිට හොඳට මාළු හම්බවෙන්නේ. ඉස්සර නම් ඒ තත්ත්වේ නැහැ. මාළුන්ගේ අඩුවකුත් නෑ. ඊට වඩා දැන් මේ තෙල් ගණන් යනවා. ඒ වගේම ධීවර ආම්පන්නවල මිල ඉහළ ගිහිල්ල. ඒවා තාම එදා ගිය තත්ත්වෙම තමා. අඩුවක් නෑ. අඩුම ගාණේ අපිට ඒවගෙන් සහනයක් ලැබුණොත් ලොකු දෙයක්. අපි හැමදාම මේ ප්‍රශ්න කියනවා. ඔයාලත් ඇවිල්ලා අපෙන් ප්‍රශ්න අහනවා. අපි ඒවට උත්තර දෙනවා. ඒවා පත්තරවල යනවා. ඒත් හැබැයි විසඳුමක් නම් ලැබෙන්නේ නෑ. අපි වෙනම කණ්ඩායමක් කියල තමයි හිතන්නේ ගොඩක් අය. ඉතින් දැන්වත් අපේ මේ ප්‍රශ්නවලට විසඳුමක් ලබා දෙන්න කියලා තමා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ.

● අමරනන්ද විජේසේකර
මහවැව

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

පොලිස් ආරක්ෂව තිබියදීත් වැලිගම ප්‍රා. සභා මන්ත්‍රී තාරකගේ තෙලිජ්ජවිල නිවසට වෙඩි වරුසාවක්

ප්‍රාදේශීය පුවත්

සිසු ගැටුමෙන් පසු අග්නිදිග සරසවියේ විභාග දින නියමයක් නැතිව කල් දමයි

ප්‍රාදේශීය පුවත්

හයේෂිකාගෙන් පහර කෑ බව කියන තරුණයා සිදුකළ ලිංගික හිංසනය ගැන වාර්තාවක් දෙන්න – උසාවියෙන් පොලිසියට නියෝගයක්

ප්‍රාදේශීය පුවත්

පොලිසියේ අයට ලස්සන වෙන්න ‘රූසිරි’ මොඩ් වෙයි

ප්‍රාදේශීය පුවත්

මාස 6ට ඉන්දීය ධීවරයෝ 181ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok