Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: නිවිතිගල එක්දරු මව මරා වළ දැමූ රඹුක්කන පුද්ගලයා එල්ලුම් ගස්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: නිවිතිගල එක්දරු මව මරා වළ දැමූ රඹුක්කන පුද්ගලයා එල්ලුම් ගස්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

නිවිතිගල එක්දරු මව මරා වළ දැමූ රඹුක්කන පුද්ගලයා එල්ලුම් ගස්

July 3, 2025
88 Views

දේපළ සම්බන්ධ ආරවුලක් මත වසර 15කට පෙර තිස්සමහාරාම පන්නිගමුව දී කාන්තාවක ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු වු පුද්ගලයකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු ටිකිරි කේ.ජයතිලක මහතා 01 දා සවස මරණීය දණ්ඩනය නියම කළේය.

මෙලෙස මරණ දඬුවම හිමි වුයේ අංක 60/ඒ, කීර්ති ශ්‍රී රාජසිංහ මාවත, රඹුක්කන ලිපිනයේ පදිංචි යක්කලගේ ලසිත් වසන්ත කුමාර නමති 52 හැවිරිදි පුද්ගලයකුටය.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ රත්නපුර, නිවිතිගල ප්‍රදේශයේ පදිංචි එක්දරු මවක වු වෙදගේ නිලානි විජේතුංග නමැති කාන්තාවකි.

විවාහ මංගල දැන්වීමක් මත චූදිත හා ඝාතනයට ලක් වූ කාත්තාව දැනහැඳිනගෙන තිබේ. ඒ අවස්ථාව වන විටත් මෙම කාන්තාවට වෙනත් විවාහයකින් දැරියක ද සිට තිබේ. දෙදෙනා දැන හැඳින ගැනීමෙන් පසු කලක් එකට ජීවත්ව සිට ඇති අතර එම කාලසීමාවේ දී එම කාන්තාවට අයත් දේපළ සම්බන්ධයෙන් චුදිත පුද්ගලයා හා එම කාන්තාව අතර ආරවුලක් ඇතිව තිබේ. දෙදෙනා අතර ඇති වූ මෙම ආරවුල මත චුදිත පුද්ගලයා විසින් මෙම කාන්තාව ඝාතනය කර ඇයගේ දෙහැවිරිදි දැරිය අලුයම වංගු 10, රක්වාන ප්‍රදේශයේ මහාමාර්ගයක දමා ගොස් තිබේ.

කොලොන්න සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථය අලුයම 04ට පමණ රක්වාන වංගු 10 ප්‍රදේශයෙන් ගමන් කරන විට කුඩා දැරියක පාර දිගේ එනු දැක එම බස් රථයේ රියැදුරු විසින් බසය නවතා දැරිය බස්රථයට නංවාගෙන තිබේ. ඒ වන විටත් දැරිය දැඩි භීතියකින් පසුව අති අතර දැරියට මව පියා පිළිබඳව හෝ ගම පිළිබඳව කියාගත නොහැකිව තිබේ. දැරිය බස් රථ රියැදුරු විසින් රත්නපුර පොලිසියට භාරදීමෙන් පසු සිදුකළ මූලික විමර්ශනවල දී සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු දැරිය මහ මග දමා කාන්තාව ඝාතනය කර තිස්සමහාරාම

පන්නිගමුව ප්‍රදේශයේ වළ දමා ඇති බවය. සැකකරුට එරෙහිව නීතිපතිවරයා විසින් 2021. නොවැම්බර් 11 දා හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා දෙකක් යටතේ නඩු පවරා තිබේ. අනතුරුව පැවති දීර්ඝ නඩු විභාගයකින් මෙම දඬුවම් නියම කෙරිණි.

මරණීය දණ්ඩනය පමුණුවන තෙක් චුදිත වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙසට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරී වරයාට නියම කෙරුණි.

මත්තල දිලීප් එන්. ජයසේකර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

කිලෝ 50ක් බර කොත් කැරැල්ලක් වැටී 50කට තුවාල – අයෙක් මරුට

ප්‍රාදේශීය පුවත්

වාකරයම ශෝකයට පත් කරමින් පරුවප්පන්චෙනයි පොකුණේ ළමයි තිදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

ප්‍රාදේශීය පුවත්

රත්ත්‍රං ටී – 56ට – දුමින්ද දිසානායක 15 දා තෙක් යළි රිමාන්ඩ්

ප්‍රාදේශීය පුවත්

ලැයිස්තුවේ නම් නැතැයි කියමින් වැලිගම අස්වැසුම ඉල්ලූ පිරිසක් විරෝධතාවක…

ප්‍රාදේශීය පුවත්

උමාඔයේ ගිලී සිසුහු 2 ක් මරුට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok