ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ දිසාවක් භාර පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ජේ. පද්මිණී මහත්මිය සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ ඊයේ (30 දා) වැඩ භාර ගත්තාය. ඇය කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි ලෙස පත්වී ඇත. 1997 වර්ෂයේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට උප පොලිස් පරීක්ෂකවරියක ලෙස එක්වූ ඇය එක්සත් ජාතින්ගේ සංවිධානය යටතේ නැගෙනහිර ටි්‍රමෝරය සහ හයිටි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් රාජකාරි ඉටුකර ඇත. ඉන්දියාව, හොංකො, හවායි සහ මැලේසියාව ඇතුළු රටවල් කිහිපයක පුහුණුව ලබා තිබේ.
ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරියකුට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ දැරිය හැකි ඉහළම තනතුර වන අධ්‍යක්ෂක (විමර්ශන) තනතුර ඇතුළු උසස් තනතුරු රැසක් දරා ඇති ඇය, රත්නපුර කොළොන්න මහා විද්‍යාලයේ සහ සුමනා බාලිකා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යාවකි.
වාද්දුව සුමිත් පොතුපිටිය