විදුලි හීටරයකින් වතුර රත්කිරීමට තැත් කළ අට හැවිරිදි දරුවකු විදුලිසර වැදී මියයෑමේ ශෝකජනක පුවතක් මැදවච්චියෙන් වාර්තා වේ.
මැදවච්චිය සංගිලිකනදරාව ප්‍රදේශයේ නිවෙසක මෙම අනතුර සිදුවී ඇත. විදුලිසර වැදුණු දරුවා මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට පසුගිය 27 වැනිදා මැදවච්චිය පොලිසියට ලද පැමිණිල්ලකින් අනාවරණය විය.
මියගිය දරුවා වතුර රත්කර ගැනීමට හීටරය විදුලියට සම්බන්ධ කිරීමට යෑමේදී මෙම අනතුරට ලක්වී ඇත.
මේ පිළිබඳව මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ධම්මික සල්වතුර