Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගුරුවරයා පහර දුන් බව කියා ගිනිගත්හේනේ සිසුවෙක් රෝහල්ගත වෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගුරුවරයා පහර දුන් බව කියා ගිනිගත්හේනේ සිසුවෙක් රෝහල්ගත වෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

ගුරුවරයා පහර දුන් බව කියා ගිනිගත්හේනේ සිසුවෙක් රෝහල්ගත වෙයි

June 27, 2025
589 Views

වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට යවලා

තමන් පහර දුන් බවට බොරු ෆේස්බුක් සටහනක් තබා ඇතැයි ගුරුවරයාගෙනුත් පොලිසියට පැමිණිල්ලක්

ගිනිගත්හේන ජාතික පාසලේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුට විෂයභාර ගුරුවරයා අමානුෂික ලෙස පහර දුන් බව පවසමින් එම සිසුවා නාවලපිටිය දිස්ත්‍රක් මහ රෝහලට ඇතුළත් කළ පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊයේ (26) දින මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.

මාස දෙකක පමණ කාලයක් තමන් පාසලට නොපැමිණි බවත්, එම මාස දෙකේ දී විෂය බාහිර පන්තිවලට ගිය බවත්, ඉකුත් 23 දා තමන් පාසලට ගිය අවස්ථාවේ විෂයභාර ගුරුවරයා තමන් වෙත පැමිණ සටහන් පොත් ඉල්ලූ අවස්ථාවේ තමන් බාහිර පන්තිවලට සහභාගි වූ සටහන් පෙන්වූ විට පොත වීසි කර දමා ගුරුවරයා අතින් තමන්ගේ මුණට පහරවල් කිහිපයක් එල්ල කළ බවත් එම සිසුවා කියයි. පසුව තමන් ගිනිගත්හේන පොලිසිට පැමිණිල්ලක් කර රෝහල් ගත වීමට පැමිණි අවස්ථාවේ එම පාසලේම වෙනත් ගුරුවරුන් තිදෙනකු ත්‍රිරෝද රථයකින් ගිනිගත්හේන පොලිසිය අසලට පැමිණ තමන් බලෙන් ත්‍රිරෝද රථයේ නංවාගෙන පාසලට රැගෙන ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි නොකරන ලෙසට එම ගුරුවරුන් තමන්ට බලපෑම් සිදු කළ බව ද එම සිසුවා පැවසීය. තමන්ට දැනට ශ්‍රවණ ආබාධයක් පවතින බවත්, එම සිසුවා පැවසීය.

අප මේ සම්බන්ධයෙන් ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතාගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ මාස කිහිපයක් පාසලට නොපැමිණීම හේතුව එම සිසුවාගෙන් විමසා ගුරුවරයා එම සිසුවා ඇතුළු සිසුන් කිහිප දෙනෙකුට තරයේ අවවාද කර ඇති බවයි. අප මේ සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විරාජ් විතානගෙමහතාගෙන් කළ විමසුමේ දී ඔහු කියා සිටියේ තමන් පහර දුන් බවට රෝහල්ගතව සිටින සිසුවා විසින් ඔහුගේ මුහුණු පොතේ බොරු සටහනක් තබා ඇති බවට අදාළ ගුරුවරයා පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවයි. නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ රෝහල් පොලිසිය විසින් සිසුවාගෙන්

ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවත්, එම ප්‍රකාශය තම පොලිසිය වෙත ලැබීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුව් කරුණු වාර්තා කරන බවත් ගිනිගත්හේන පොලිස් ස්ථානාධිපතිවරයා කියයි.

නුවරඑලිය නාලක රත්නායක

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

වියානා ඇළට බිලිවී ජීවීත දෙකක් අහිමිවීම: ආරක්ෂිත වැටක් නොතිබූ තැනකින් මෝටර් රථය ඇළට වැටිලා

ප්‍රාදේශීය පුවත්

අග්නිදිග ජ්‍යෙෂ්ඨ සිසුහු පළමු වසරේ සිසුන්ට එළව එළවා පහර දෙති

ප්‍රාදේශීය පුවත්

පදිංචි ස්ථානවලිනුත් අතුරුදන් හම්බන්තොට කුරුලු උයනේ හිමිකරු පියඹා ගිහින්?

ප්‍රාදේශීය පුවත්

සුඛෝපභෝගී කැබ් රියෙන් පුද්ගලයකු යටකර පලාගිය නාගොඩ දොස්තර අල්ලයි

ප්‍රාදේශීය පුවත්

පාස්කු සැඟවුණු ඇත්ත හෙළි කරනු සඳහා අභිචෝදක කාර්යාලයක් පිහිටුවන්න – මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ස්වර්ණ ජයන්ති අභිනන්දන උළෙලේදී කියති

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok