Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අද දැයෙන් සමුගන්නා පාපැදියට පෙම්බැඳි සුමනවීර
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අද දැයෙන් සමුගන්නා පාපැදියට පෙම්බැඳි සුමනවීර
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ප්‍රාදේශීය පුවත්

අද දැයෙන් සමුගන්නා පාපැදියට පෙම්බැඳි සුමනවීර

June 30, 2025
652 Views

පාපැදියෙන් යද්දී හෘදයාබාධයට ලක්වෙලා
තරග 1200කින් 700ක් ජය ලබලා
පස්දරු පියකු වන ඔහුගේ දියණියන් දෙදෙනකු සහ පුතෙකුද පාපැදි ශූරයන්

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පාපැදි ධාවන ශූරයකු වන ඒ. එම්. සුමනවීර මහතා අභාවප්‍රාප්ත වූ අතර අවසන් කටයුතු අද (30 වැනිදා) රත්නපුර නිවිතිගල, පහළඑරබද්ද ප්‍රදේශයේදී සිදු කිරීමට නියමිතය.

මියයන තෙක්ම පාපැදියට පෙම්බැඳි සුමනවීර මහතා පසුගිය 27 වැනිදා පස්වරුවේදී පාපැදියෙන් ගමන් කරමින් සිටියදී හෘදයාබාධයකට ලක්වීමෙන් මියගියේය.

මියයන විට 77 වැනි වියෙහි පසුවූ සුමනවීර මහතා 1965 වසරේදී පාපැදි තරග බිමට පිවිසියේය. එතෙක් මෙතෙක් ලංකාවේ වැඩිම පාපැදි තරග සංඛ්‍යාවකට සහභාගි වී එනම් තරග 1200කට පමණ සහභාගි වී ඉන් තරග 700ක් ජයග්‍රහණය කළ පාපැදි ක්‍රීඩකයා ඔහුයි.

1984, 1985, 1986 වර්ෂවලදී ලංකා සවාරිය ඇතුඵ දින කීපයක් පැවති පාපැදි තරග රැසකින්ද, ඔහු ශූරතාව දිනූ අයෙකි. කහවත්ත ගුරුගේ මැණික් ආයතනය සංවිධානය කළ දීපව්‍යාප්ත පාපැදි තරගවලින් ජයග්‍රහණය අත්කර ගනිමින් ඔහු ක්ෂේත්‍රයේ නමක් තැබීය.

කහවත්ත සැෆායර් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් මුල් කාලයේදී සුමනවීර පාපැදි තරග බිමේ ජයග්‍රහණ ලබා ගත්තේය. පසුව ඛනිජ තෙල් සංස්ථාවේ රැකියාවක් කරමින් පාපැදි ක්ෂේත්‍රය තුළ නොමැකෙන නමක් තැබීය.

තරගවලදී කඳු සහිත මාර්ගවල පාපැදිය පදවමින් සුමනවීර විශේෂ දක්ෂතා දැක්විය. ඔහු පස්දරු පියෙකි. දියණියන් දෙදෙනාද දක්ෂ පාපැදි ශූරියන් ලෙස කලක් පාපැදි ක්‍රීඩාවේ නිරත විය. එක් පුතෙකුද පාපැදි තරගවලට සහභාගී විය.

වියපත් වුවත් පාපැදිය අත් නොහළ සුමනවීර මහතා ඔහුගේ ගමන් බිමන්වලට මියයන මොහොත දක්වාම පාපැදිය භාවිත කළේය. ඛනිජ තෙල් සංස්ථාවේ කොලොන්නාව මධ්‍යස්ථානයේ සේවය කළ වසර ගණනාවක්ම ඔහු රත්නපුරයේ සිට දිනපතාම සේවයට ගොස් ආපසු නිවෙසට ආවේ කිලෝමීටර් සියයකට වඩා දිනපතා පාපැදියෙන් බව පවුලේ ඥාතීහු පවසති.

ඔහුගේ දේහය පහළ ඵරබද්ධ දුම්මලවත්ත නිවසේ පෙරේදා (28 දා) සිට තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (30 දා) සිදු කෙරේ. සුමනවීර මහතාගේ දේහය පිළිබඳ හදිසි මරණ පරික්ෂණය රත්නපුර රෝහලේදී පැවැත්විණ.
කහවත්ත – සමරවීර නිරෝෂණ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

පොලිස් ආරක්ෂව තිබියදීත් වැලිගම ප්‍රා. සභා මන්ත්‍රී තාරකගේ තෙලිජ්ජවිල නිවසට වෙඩි වරුසාවක්

ප්‍රාදේශීය පුවත්

සිසු ගැටුමෙන් පසු අග්නිදිග සරසවියේ විභාග දින නියමයක් නැතිව කල් දමයි

ප්‍රාදේශීය පුවත්

හයේෂිකාගෙන් පහර කෑ බව කියන තරුණයා සිදුකළ ලිංගික හිංසනය ගැන වාර්තාවක් දෙන්න – උසාවියෙන් පොලිසියට නියෝගයක්

ප්‍රාදේශීය පුවත්

පොලිසියේ අයට ලස්සන වෙන්න ‘රූසිරි’ මොඩ් වෙයි

ප්‍රාදේශීය පුවත්

මාස 6ට ඉන්දීය ධීවරයෝ 181ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok