Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොළඹ සරසවි සිසුවාගේ ශෝකාන්තය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොළඹ සරසවි සිසුවාගේ ශෝකාන්තය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

කොළඹ සරසවි සිසුවාගේ ශෝකාන්තය

June 30, 2025
3160 Views

කොළඹ පෝට් සිටි මුහුදේ ගවේෂණයකට කිමිදුණු
මෙවන් විපතක් කිසිම දරුවකුට නොවේවා
මවගේ නෙතඟින් ගැලෙන කඳුළු

“අනේ මගේ රත්තරන් පුතාට වෙච්ච දෙයක්. ඔයා නැතිව අපි කොහොමද ඉන්නෙ සුදු බබා… මගේ දරුවට වුණා වගේ මේ වගේ විපතක් තවත් දරුවකුට නම් වෙන්න එපා දෙයියනේ…” යැයි කොළඹ වරාය නගරයේ කෘතිම වෙරළ තීර (පෝට් සිටි) ආසන්න මුහුදේ ගිලී මරුමුවට පත්වූ කොළඹ විශ්වවිද්‍යාල විද්‍යා පීඨ සිසුවාගේ මව පෙරේදා (28දා) විලාප දෙමින් පැවසුවාය.

ගම්පහ, අස්ගිරිය, බණ්ඩාරනායක මාවතේ පිහිටි නිවසට යන විටත් එම සිසුවාගේ සීල් තබන ලද පෙට්ටිය නිවසට රැගෙනවිත් තිබිණි.

මෙලෙස අවාසනාවන්ත අන්දමින්මි යගොස් තිබුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි ජනිඳු චමෝද් නමැති 24 හැවිරිදි සිසුවෙකි. ඔහු ගම්පහ බණ්ඩාරනායක විදුහලේ එදා සිටි අති දක්ෂ සිසුවකු ද විය. ජනිඳුගේ මේ මරණය නිසා මුළු ගම්පහ ප්‍රදේශයම එකම මළගමක් බවට පත්වී තිබිණි.

අපොස උසස් පෙළ පළමු වතාවෙන්ම සමත්ව කොළඹ වෛද්‍ය පීඨයට ඔහු තේරුණ ද ඔහුගේ දැඩි කැමැත්ත වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් වීමටය. ඒ අනුව ඔහු කොළඹ විද්‍යා පීඨයට ඇතුළත් වී ඉගෙනුම ලබමින් සිටියදී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණපෑහ.

ජනිඳු චමෝද් සිසුවාගේ මරණය සැලවීමෙන් කම්පනයට පත් ප්‍රදේශවාසී ජනතාව, ඔහුගේ සරසවි මිතුරන් ඔහුගේ නිවසට වැල නොකැඩී එන ආකාරය දැකගත හැකි විය.

දරුවන් දෙදෙනකු සිටින පවුලේ ජනිඳු වැඩිමහල් දරුවා විය. තම එකම සහෝදරිය ද පසුගිය වසරේ (2024) අපොස උසස් පෙළ විභාගයට මුහුණ දී සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින්නීය. ජනිඳුගේ මව රජයේ විධායක නිලධාරිනියකි. පියා රජයේ ආරක්ෂක අංශයක විශ්‍රාමික නිලධාරියෙකි.

ජනිඳුගේ වියෝවෙන් ඔහුගේ මව විලාප තබමින් හඬන ආකාරය දැක අවමඟුල් නිවසට පැමිණ සිටින කාගේත් හදවත උණු වී ගියේය. පුරා වසර 24ක් ලේ කිරි කර පොවා හැදූ මෑණියන්ට තම පුතාගේ මුහුණ බලන්නටවත් නොහැකි ලෙස පෙට්ටිය මුද්‍රා තබා තිබේ. ගම්පහ ප්‍රදේශය පුරාම ජනිඳුට ශෝකය පලකරමින් සුදු කොඩි හා ශෝක ප්‍රකාශයන් සහිත බැනරයන් ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැකි විය.

ජනිඳු සිය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ මිතුරන් හා මොරටුව විශ්වවිද්‍යාලයේ මිතුරන් කීපදෙනකු සමග කොළඹ වරාය නගරයේ කෘතිම වෙරළ තීරයට පර්යේෂණ කටයුත්තක් සඳහා ජුනි 26 වැනිදා ගොස් තිබිණි. ඒ අනුව ඔවුන් ස්නෝකල් පැළඳ අදාළ පරීක්ෂණය සඳහා මුහුදු පතුල නිරීක්ෂණය කරමින් සිට ඇත. එහිදී ජනිඳු හදිසියේම අතුරුදන්ව තිබේ. පසුව ඔහුගේ මිතුරන් පොලිසිය ඇතුළු බලධාරීන්ට ඒ ගැන දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් කළ මෙහෙයුමේදී ජනිඳුගේ ස්නෝකල් යුගලය පමණක් හමු වූ අතර ඔහුගේ සිරුර සොයා ගැනීමට නොහැකි විය.

පසුව කොළඹ වරාය පොලිසිය හා නාවික හමුදා කිමිදුම්කරුවන් ඔහුගේ සිරුර සොයා මෙහෙයුම් සිදුකළ අතර ජනිඳුගේ සිරුර ජුනි 27 වැනිදා පෙරවරුවේ මුහුදු පතුලේ තිබී සොයාගන්නා ලදී.

මේ පිළිබඳව කොළඹ වරාය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් රත්නායක මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂකවරුන් වන සෙනුර රාජපක්ෂ යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

ජනිඳුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (29 වැනිදා) මළහිරු බැස යන සන්ධ්‍යායාමයේ විශාල පිරිසකගේ දැඩි ශෝකාලාපයන් මධ්‍යයේ අස්ගිරියේදී සිදුකෙරිණි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ජයනන්ද පෙරේරා

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

අද දැයෙන් සමුගන්නා පාපැදියට පෙම්බැඳි සුමනවීර

ප්‍රාදේශීය පුවත්

ජලය පිරුණු වගා ළිඳට වැටුණු වන අලියා අවාසනාවන්ත ලෙස මරුට

ප්‍රාදේශීය පුවත්

ඊශ්‍රායලයේ සිට නැවත දිවයිනට පැමිණි අයගේ Re – entry වීසා කාලය දික් කරයි

ප්‍රාදේශීය පුවත්

මිහින්තලේ මහ කනදරා වැවේ වැව් බැම්ම අනතුරේ

ප්‍රාදේශීය පුවත්

බෙහෙත් නෑ: දොස්තරලා නෑ: මිනිස්සුන්ට මුහුණ දෙන්න බෑ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok