බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තවත් සහන සලසන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකුවලට උපදෙස් දී ඇත.
පසුගිය කාලයේ අහිතකර ලෙස බලපෑමට ලක් වූ ව්‍යාපාර, තිරසාර ලෙස යළි පණ ගැන්වීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, 2025.03.31 වන විට අදාළ බැංකු සමග ව්‍යාපාර යළි පණ ගැන්වීම සඳහා සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙනුකරුවන්ට මෙසේ තවදුරටත් සහන ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම් දී ඇත.
මේ සහන, බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සහන සැලසීම සඳහා නිකුත් කළ 2024.12.19 දිනැති 2024 අංක 04 දරන චක්‍රලේඛයට සහ එකී චක්‍රලේඛය සඳහා වූ 2025.01.01 දිනැති අතිරේකයට අනුකුල වන බව මහ බැංකුව කියයි.
මේ අනුව එම ණය ගනුදෙනුකරුවන්හට පොලී සහන සහ නව ණය ලබාදීම ඇතුළු තවදුරටත් සහන ලබාදෙන ලෙස බලපත්‍රලාභී බැංකුවලට උපදෙස් ලබා දී ඇති අතර, 2024 අංක 04 දරන චක්‍රලේඛය ප්‍රකාරව බලපත්‍රලාභී බැංකුවලට සුදුසුකම් ලත් කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙනුකරුවන් සමග ණය ප්‍රතිලේඛනගත කිරීමේ ගිවිසුම්වලට එළඹීම සඳහා ලබා දී ඇති කාලසීමාව ද 2025.06.15 සිට 2025.06.30 දක්වා දීර්ඝ කර ඇත.
ඉහත චක්‍රලේඛයේ දක්වා ඇති පරිදි ව්‍යාපාර යළි පණගැන්වීම පිළිබඳ සාකච්ඡා සඳහා බලපත්‍රලාභී බැංකු සමග සම්බන්ධ වූ ණය ගනුදෙනුකරුවන්හට මෙම සහන සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අදාළ බලපත්‍රලාභී බැංකු වෙතින් දැන් ලබා ගත හැකිය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත