ඉරානයේ න්‍යෂ්ටික මරමස්ථාන වන නටාන්ස්, ටබි්‍රස් හා අරාක් යන නගරයේ පිහිටුවා ඇති රසායනික මධ්‍යස්ථාන හා ඉරාන විප්ලවීය හමුදාවේ වැදගත් කඳවුරු කිහිපයකට ඊශ්‍රායල් ආරක්ෂක අංශ ගුවන් ප්‍රහාර තුන්සියකට අධික ප්‍රමාණයක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාර හමුවේ නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පැවසෙයි.
තවද ඉරානයේ අගනුවර වන ටෙහෙරානයේ තෝරා ගත් තැන්වලට ද ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාර හමුවේ ඉරාන මාණ්ඩලික ප්‍රධානී මොහොමඩ් බකේරි, න්‍යෂ්ටික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වූ න්‍යෂ්ටික විද්‍යාඥ අහමඩ් රේසා සොල්ෆජාරි ඇතුළු තවත් විද්‍යාඥයින් කිහිපදෙනකු සහ ඉහළ පෙළේ හමුදා නිලධාරින් කිහිපදෙනකු මියගොස් තිබේ.
තවද මොසාඩ් සංවිධානය ඉරානයේ අවි පද්ධති අසල ප්‍රහාරක ඩ්‍රෝන කඳවුරක් ද ස්ථාපිත කළ අතර ඉරානය තුළ රහසිගත ත්‍රස්ත විරෝධී මෙහෙයුම් මාලාවක්ද දියත් කර තිබේ. මෙම මෙහෙයුම් සැලසුම් කර ඇත්තේ ඉරානයේ උපායමාර්ගික මිසයිල පෙළගැස්ම සහ ගුවන් ආරක්ෂක හැකියාවන්ට හානි කිරීම සඳහාය.
මෙම ප්‍රහාරවලින් පසු ඊශ්‍රායලයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළ අතර ටෙල් අවිව් ගුවන්තොටුපළ වසා දැමුණි. සියලුම ගුවන් ගමන් යළි දන්වනතුරු නවතා දමන ලදී. ඊශ්‍රායල රජය පවසන්නේ තමන් ඕනෑම ප්‍රතිප්‍රහාරයකට සූදානම් වී සිටින බවයි.
ඉරානයෙන් ප්‍රහාරක ඩ්‍රෝන යානා සිය ගණනක් ඊශ්‍රායලයට දියත් කළත් ඒවා සියල්ලම ගුවනේදී විනාශ කර දැමීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ සමත් විය. ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂක පද්ධතිය සහ ඊශ්‍රායලයට හිතෛෂී ජෝර්දානයේ ගුවන් අවකාශය ඊශ්‍රායල් ප්‍රහාරක යානා සඳහා සම්පූර්ණයෙන් විවෘත කර තිබේ.
එයට අමතරව ශ්‍රී ලංකා – ඊශ්‍රායල තානාපති නිමල් බණ්ඩාර මහතා ඊශ්‍රායලේ සේවය කරන සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් මෙම දින කිහිපය තුළ තම සේවා ස්ථානයෙන් පිටත නොගොස් ආරක්ෂාකාරී පියවර අනුගමනය කර තම සේවා කටයුතු සිදුකරන මෙන් ඉල්ලා සිටී.
ගයාන් සමරසිංහ ඊශ්‍රායලයේ සිට…