Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මගීන් 230ක්-කාර්ය මණ්ඩලයේ 12ක් රැගෙන ගිය එයාර් ඉන්දියා යානය කඩා වැටී ඉන්දියාවම කම්පා වෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මගීන් 230ක්-කාර්ය මණ්ඩලයේ 12ක් රැගෙන ගිය එයාර් ඉන්දියා යානය කඩා වැටී ඉන්දියාවම කම්පා වෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ප්‍රධාන පුවත්

මගීන් 230ක්-කාර්ය මණ්ඩලයේ 12ක් රැගෙන ගිය එයාර් ඉන්දියා යානය කඩා වැටී ඉන්දියාවම කම්පා වෙයි

June 13, 2025
1407 Views

ජනාකීර්ණ ‘මේඝානි නගර්’ දුමෙන් වෙළී යයි

බ්‍රිතාන්‍ය ජාතිකයෝ 53 ක් : එක් කැනේඩියානුවෙක් පෘතුගීසි ජාතිකයෝ 7ක් සමග ගුජරාට් හිටපු මහ ඇමැති විජේ රූපානිත් මගීන් අතර

ගුවන්ගත කර විනාඩි පහෙන් කඩා වැටිලා

වැටුණේ වෛද්‍ය ශිෂ්‍ය නේවාසිකාගාරයකට වෛද්‍ය සිසුන් 5ක් මරුට 40කට වැඩිය තුවාල

“වචනවලින් කිව නොහැකි තරම් හදවත කම්පනයට පත් කළා” – අගමැති නරේන්ද්‍ර මෝදි

ජනපති අනුර සොව පළ කරයි

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් ගුවන්තොටුපළෙන් ලන්ඩනයේ ගැට්වික් බලා පිටත් වූ එයාර් ඉන්දියා යානයක් අනතුරට පත්ව තිබේ. පුද්ගලයින් 242 ක් රැගත් එයාර් ඉන්දියා AI 171 සර්දාර් වල්ලභභායි පටෙල් ගුවන් තොටුපළෙන් ගුවන්ගත වී විනාඩි පහකින් අනතුරට ලක්වී තිබේ.

එය කඩා වැටී ඇත්තේ මේඝානි නගර් නමැති මහජනයා වෙසන ප්‍රදේශයකටය. අනතුරට පත්වූ යානයෙන් නගින දුම නගරය වෙලා ගෙන තිබේ. ගුවන් යානය ඊයේ (12දා) පස්වරු 1 ත් 2 ත් අතර කාලය තුළ කඩා වැටුණි. ගුවන් යානයේ මුළු මගීහු 230 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයෝ 12 දෙනෙක් සිටියහ. එයාර් ඉන්දියා ගුවන් යානය බෝයිං 727 ද්විත්ව ජෙට් යානයකි.

එයාර් ඉන්දියා සමාගමේ සභාපති එන්. චන්ද්‍රසේකරන් මහතා සිය එක්ස් ගිණුමේ මෙලෙස සඳහන් කර තිබේ.

“අහමදාබාද් සිට ගැට්වික් බලා ක්‍රියාත්මක වන එයාර් ඉන්දියා AI 171 ගුවන් යානය අද ඛේදජනක අනතුරකට ලක් වූ බව මම දැඩි ශෝකයෙන් තහවුරු කරමි. මෙම විනාශකාරී සිදුවීමෙන් පීඩාවට පත් සියලු දෙනාගේ පවුල් සහ ආදරණීයයන් වෙත බලවත් ශෝකය පළ කරමු.”

මෙම ගුවන් යානය කපිතාන් සුමීත් සභාර්වාල් සහ පළමු නිලධාරි ක්ලයිව් කුන්දර් විසින් පදවනු ලැබූහ. කපිතාන් සුමීත් සභාර්වාල් ගුවන් පැය 8200 ක පළපුරුද්දක් ඇති ගුවන් නියමුවෙකි. සම නියමුවාට පැය 1100 ක පියාසර අත්දැකීම් තිබුණි.

සමාජ මාධ්‍යවල හුවමාරු වන වීඩියෝවක මෙම ගුවන් යානය ගුවන්ගත වී සුළු වේලාවකින් යළි පහළට පැමිණෙන අයුරු සහ එකවර ගිනිදැල්වලින් වැසී පසුව කළු විශාල දුමාරයක් නැගෙන අයුරු දැක්වේ.

ගුවන් ගමන් නිරීක්ෂණ වෙබ් අඩවියක් වන FlightRadar 24, නිකුත් කළ එක්ස් පණිවිඩයක දැක්වෙන්නේ ‘අහමදාබාද් සිට ලන්ඩන් දක්වා ගමන් කළ AI 171 එයාර් ඉන්දියා ගුවන් යානය අනතුරට ලක්වීමක් පිළිබඳව වාර්තා අපට ලැබෙමින් පවතී. ගුවන් යානයෙන් අවසන් වරට සංඥාවක් අපට ලැබුණේ 08:08:51ට.එනම් ගුවන්ගත වී තත්පර කිහිපයකට පසුවයි’ යනුවෙනි.

ගුජරාට් හිටපු මහ ඇමැති විජේ රූපානි

මෙහි මගීන් අතර 169 දෙනකු ඉන්දියානු ජාතිකයන් වන අතර, 53 දෙනෙක් බ්‍රිතාන්‍ය ජාතිකයෝ වෙති. එක් කැනේඩියානු ජාතිකයකු සහ පෘතුගීසි ජාතිකයන් 7 දෙනකු එහි ගමන් කර ඇත. ගුජරාට් හිටපු මහ ඇමැති විජේ රූපානි ද මගීන් අතර විය.

මේ සිද්ධිය සැලවීමත් සමග අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එරට සිවිල් ගුවන් සේවා අමාත්‍ය රාම්මෝහන් නායිදු මහතා සමග පෞද්ගලිකව කතා කළ අතර අහමදාබාද්හි එයාර් ඉන්දියා ගුවන් අනතුර සිදුවීම පිළිබඳව මෙහිදී කරුණු විමසූ බව මාධ්‍ය කියයි.

ඉන්දීය ගුවන් අනතුරේ දී මේඝානි නගර් හි බීජේ වෛද්‍ය විද්‍යාලයේ නේවාසිකාගාරය මතට ගුවන් යානය කඩා වැටී තිබේ. එහි අධ්‍යාපනය ලැබූ සිසුන් බොහෝ දෙනකුට ද ජීවිත අහිමි වී තිබෙන බව වාර්තා විය.

චතුර පමුණුව

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
ප්‍රධාන පුවත්

කහවත්තේ ඝාතනය: හෝමාගම හඳයාගේ ඕඩරයක්

ප්‍රධාන පුවත්

ගොඩකවෙල පුද්ගලයකු පැහැරගෙන ඝාතනය කළ වැලිගෙපොළ ප්‍රා.සභා හිටපු මන්ත්‍රීට මරණ දඬුවම

ප්‍රධාන පුවත්

අවශ්‍යතාව සලකා හෙද හෙදියන් වැඩි ප්‍රමාණයක් උතුරු නැගෙනහිරට ලබාදීමට කටයුතු කරනවා – ඇමැති නලින්ද ජයතිස්ස උතුරු පළාතේ සෞඛ්‍ය ආයතන නිරීක්ෂණයට ලක් කරමින් කියයි

ප්‍රධාන පුවත්

ඊ හැඳුනුම්පත් ව්‍යාපෘතියට විදුලි ඒකක 700ක් සැපයීමේ ප්‍රසම්පාදනය අවලංගු කරයි

ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ උපත් අනුපාතිකය පහළට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok