Friday, 13 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: විදුලි බිල 15%කින් උස්සයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 13 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: විදුලි බිල 15%කින් උස්සයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

විදුලි බිල 15%කින් උස්සයි

1 day ago
725 Views

90ට අඩු ඒකකයකට අය කරන රු.4.50 වෙනසක් – නැතත් ගෘහස්ථ ගාස්තුව රු.20කින් ඉහළට

මෙම වසරේ ජුනි සිට දෙසැම්බර් දක්වා සියයට 15කින් විදුලි බිල ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. එම කාලයට අදාළව සියයට 18.3කින් විදුලි බිල ඉහළ දැමිය යුතු බවට විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබුණ ද, කොමිෂන් සභාව විසින් අවසර දී ඇත්තේ 15%කින් ගාස්තුව ඉහළ දැමීමටයි. ඒ අනුව මෙම වැඩි කිරීම ඊයේ (11 දා) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වන බව ද එම කොමිසම පවසයි.

මෙහිදී ඒකක 90ට වඩා අඩුවෙන් විදුලිය පරිභෝජනය කෙරෙන ගෘහස්ථ ආගමික සහ පුණ්‍යස්ථාන සඳහා දැනට ඒකකයකට අය කරනු ලබන රුපියල් 4.50 එලෙසම පවතින අතර එම කාණ්ඩය සඳහා මාසික ස්ථාවර ගාස්තුව ද ඉහළ දමා නොමැත.

කෙසේ වෙතත් ගෘහස්ථ අංශයේ ඒකක 30ට වඩා අඩු පරිභෝජනයක් ඇති කාණ්ඩය වෙනුවෙන් මාසික විදුලි බිල රුපියල් 20කින් ඉහළ දමා ඇත. ඒකක 60 ක පරිභෝජනය සඳහා මාසික විදුලි බිල්පත රුපියල් 85කින් වැඩි කර ඇත.

ඒකක 90ක පරිභෝජනය සඳහා රුපියල් 240 කින් ද, ඒකක 120ක පරිභෝජනය සඳහා රුපියල් 360කින් ද, ඒකක 150ක පරිභෝජනය සඳහා රුපියල් 600කින් ද, ඒකක 180ක පරිභෝජනය සඳහා රුපියල් 840කින් ද මාසික බිල්පත ඉහළ යන අතර ඒකක 300ක පරිභෝජනය වෙනුවෙන් මාසික බිල්පතෙහි වැඩිවීම රුපියල් 2020 කි.

මෙම වැඩි කිරීම්වලට අනුව කර්මාන්ත අංශය සඳහා සියයට 15කින් ද, පොදු කාර්ය කාණ්ඩය සඳහා සියයට 14 කින් ද ඉහළ දමා ඇත. හෝටල් ක්‍ෂේත්‍රය සඳහා ද වැඩි කිරීම සියයට 15කි.

වත්මන් ආණ්ඩුව පත්වූ පසුව මෙම වසරේ (2025) ජනවාරි 18වැනි දින ගාස්තු සංශෝධනයක් සිදු කළ අතර එහිදී සියයට 20කින් විදුලි බිල අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව කටයුතු කළේය. ඒ අනුව බලන කළ පසුගිය වසරට (2024) සාපේක්ෂව සියයට 08ක ගාස්තු අඩුවීමක් පවතින බව ද එම කොමිෂන් සභාවේ මාධ්‍ය ප්‍රකාශක ජයනාත් හේරත් මහතා ඊයේ (11දා) මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

මෙම සමස්ත වැඩිවීම අනුව රුපියල් බිලියන 268ක ඉලක්කයක් ළඟා කර ගැනීම උදෙසා මෙම වැඩි කිරීම සිදු කළ බව ද හෙතෙම පැවැසීය.

අකිත පෙරේරා

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

3 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

21 hours ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

5 days ago

කාබී ලේම් ඇමෙරිකාවෙන් පිටව යයි

2 days ago

අශෝක අධිරාජ්‍යයා තැනූ ස්ථූපයකින් සොයාගත් සර්වඥ ධාතු ප්‍රදර්ශනයකට ඉන්දියාව සැරසෙයි

4 days ago
Related News
ප්‍රධාන පුවත්

මගීන් 230ක්-කාර්ය මණ්ඩලයේ 12ක් රැගෙන ගිය එයාර් ඉන්දියා යානය කඩා වැටී ඉන්දියාවම කම්පා වෙයි

ප්‍රධාන පුවත්

රට පුරාම රිළවුන් ලක්ෂ 50ක්

ප්‍රධාන පුවත්

පුංචි සභා 6කට සභාපතිවරු පත්වෙති

ප්‍රධාන පුවත්

රටේ දේශපාලන පරිවර්තනයක් වගේම සමාජ පරිවර්තනයකුත් ඇති කරන්න ඕනෑ – තිස්සමහාරාම රන්දෝලි පෙරහැර ආරම්භක අවස්ථාවේ දී අගමැතිනි හරිනි අමරසූරිය කියයි

ප්‍රධාන පුවත්

ජර්මානු විදේශ ඇමැති සමග ජනපති අනුර සාකච්ඡා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok