හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (11) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය.
ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙසේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යෑමට නියමිතය.
කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට අදාළව හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ගැනෙන බව රහස් පොලිස් ආරංචිමාර්ගවලින් දැන ගන්නට ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත