අට වැනි විධායක ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අද (11දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
හිටපු ජනාධිපතිවරයා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නේ ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කළ පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාදීම සඳහාය.
මෙරටට ඖෂධ ගෙන්වීමට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. එම පැමිණිල්ලට අදාළව කෙරෙන පරීක්ෂණ සඳහා පසුගිය රජයේ මැති ඇමැතිවරුන්ද මේ වන විට ප්‍රකාශ ලබා දී ඇත.
ඉතිහාසයේ පළමුවරට කැබිනට් ඇමැතිවරයකු සිර භාරයට පත් වූයේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දරන වකවානුවේදීය. කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට අදාළව රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.