මහින්දානන්දගෙන් ඇපෑලක්
කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් තමන්ට නියම කළ බරපතළ වැඩසහිත වසර 20 ක සිරදඬුවම් ඇතුළු දණ්ඩන නියෝගයන් බලරහිත කර තමන් සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා එම නඩුවේ දෙවන විත්තිකාර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (09දා) ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ගොනු කළේය.
නීතිඥ සනත් විජේවර්ධන මහතා මගින් ගොනු කර තිබූ එම අභියාචනා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, එම කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා හා නීතිපතිවරයා නම් කර තිබේ.
සිය අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන ලෙසත් මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් පසුගිය 29 වැනිදා තමන්ට නියම කළ වසර 25 ක සක්‍රීය බරපතළ වැඩසහිත සිරදඬුවම ඇතුළු දණ්ඩන නියෝගයන් බලරහිත කරනා නියෝගයක් හෝ තමන් එකී චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනා නියෝගයක් නිකුත් කරනා ලෙසත් පෙත්සම්කාර අභියාචක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. එම නඩුවේ පළමුවන විත්තිකාර නලින් රුවන්ජිත් ප්‍රනාන්දු මහතා ද එකී සිරදඬුවම් තීන්දුවට එරෙහිව මින් පෙර අභියාචනාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක