Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දකුණු ආසියාවේ ලොකුම වැට් බදු වංචාවේ මහ මොළකරු වෙනුවෙන් යළි කරුණු දැක්වීම් එපා!
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දකුණු ආසියාවේ ලොකුම වැට් බදු වංචාවේ මහ මොළකරු වෙනුවෙන් යළි කරුණු දැක්වීම් එපා!
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

දකුණු ආසියාවේ ලොකුම වැට් බදු වංචාවේ මහ මොළකරු වෙනුවෙන් යළි කරුණු දැක්වීම් එපා!

1 week ago
3010 Views

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අභියාචනාධිකරණයට වාරණයක්

දකුණු ආසියාවේ සිදුවූ විශාලතම වැට් බදු වංචාව ලෙස සැලකෙන 2004 වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සිදු වූ රුපියල් බිලියන 3.9ක වැට් බදු වංචා නඩුවේ මහ මොළකරු වන අටවන විත්තිකාර මොහොමඩ් කමිල් කටුබ්ඩීන් නමැත්තා වෙනුවෙන් යළි කරුණු දැක්වීමක් අභියාචනාධිකරණය හමුවේ සිදුකිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (09) අභියාචනාධිකරණයට වාරණ නියෝගයක් නිකුත් කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ශනිල් කුලරත්න මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ල එම වාරණය නිකුත් කළේය.

එකී වාරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදුකිරීමට අපේක්ෂා කරන්නේ නම් සති දෙකක කාලයක් ඇතුළත ලිඛිතව අධිකරණය හමුවේ ගොනු කරන ලෙසටද විනිසුරු මඬුල්ල පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළේය.

නීතිපතිවරයා විසින් ගොනු කළ අධිචෝදනා පත්‍රයක් විභාග කළ මහාධිකරණය 2014.09.26 වැනිදා එකී විත්තිකරු ඇතුළු පිරිසක් වරදකරුවන් බවට නිගමනය කොට දඬුවම් නියම කළ බවත් එකී දඬුවම් නියෝගයන්ට එරෙහිව අටවන විත්තිකරු ඇතුළු විත්තිකරුවන් තිදෙනකු අභියාචනාධිකරණයට අභියාචනා ගොනු කළ බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා අභියාචනාධිකරණයට ඊයේ (09) පැවැසීය.

එකී අභියාචනා විභාග කළ අභියාචනාධිකරණ ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ලක් 2023.12.13 වැනිදා තුනෙන් දෙකක බහුතර තීන්දුවකින් මහාධිකරණයේ එකී දඬුවම් නියෝග තහවුරු කිරීම නිසා අටවන විත්තිකරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට අභියාචනාවක් 2024.06.27 වැනිදා ගොනු කර ඇතැයි ද පැවැසූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකී අභියාචනාව කැඳවමින් තිබියදීම විත්තිකරු අභියාචනාධිකරණයට මෝසමක් ගොනුකර අභියාචනාධිකරණය පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේදී පෙර තීන්දුව යළි සලකා බලන ලෙස ඉල්ලා කරුණු දක්වා ඇතැයිද පැවැසීය.

එකම සිද්ධිය සම්බන්ධයෙන් එකවර අධිකරණ දෙකක් හමුවේ කරුණු දැක්වීම නීතියට පටහැනි හා අයුක්ති සහගත ක්‍රියාවක් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේෂිකා සිල්වා මහත්මිය සමග පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පැවැසීය.

එපමණක් නොව විත්තිකරු අභියාචනාධිකරණයට තීන්දුව නිකුත් කොට මාස හයකට පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට එකී අභියාචනාව ගොනු කර තිබීමත් කිසිදා මහාධිකරණය අභියාචනාධිකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී නොසිට අධිකරණය මඟහැර සිටි විත්තිකරු තෙවන පාර්ශ්වයක් මගින් එකී පෙත්සම් ගොනු කර ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවැසීය.

මහාධිකරණය විසින් ව්‍යාපාරිකයකු වන අටවන විත්තිකරු ඇතුළු විත්තිකරුවන් එකී චෝදනාවලට වරදකරුවන් කර වසර ගණනක සිරදඬුවම් හා රුපියල් කෝටි ගණනක් දඩ නියම කර ඇත්තේ සාධාරණ නඩු විභාගයකින් අනතුරුව බව නීතිපතිවරයා ඉදිරිපත් කළ ලේඛන හා සාක්‍ෂි අනුව පැහැදිලි වන බැවින් එකී දඬුවම ඉවත්කොට ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බවට සම්පත් අබේකෝන් හා ආර්. ගුරුසිංහ යන අභියචනාධිකරණ විනිසුරු මඬුල්ල නිගමනය කොට තිබූ නමුත් එවකට අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විත්තිකාර පෙත්සම්කරුවන් නිදොස් කොට නිදහස් කිරීමට වෙනම තීන්දුවක් ලබාදී තිබිණි.
ඒ.ජේ.ඒ. අබේනායක

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

3 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

3 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

2 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

2 days ago
Related News
ප්‍රධාන පුවත්

කොළඹ පුරපති පුටුව මාලිමාවේ බල්තසාර්ට – කැලීට ඡන්ද 61යි: රීසාට 54යි – තේරුවේ රහස් ඡන්දයෙන්

ප්‍රධාන පුවත්

කිසිම පක්ෂයකට බහුතරය නැති පුංචි සභා 6ක් මාලිමාවට යයි

ප්‍රධාන පුවත්

රත්මලාන – යාපනය ඍජු අභ්‍යන්තර ගුවන් සේවාවක් සඳහා පෞද්ගලික සමාගමකට ලයිසන් එකක්

ප්‍රධාන පුවත්

ආණ්ඩුව පළාත් පාලන ආයතන මාර්ගෝපදේශ සංග්‍රහය අමුඅමුවේ උල්ලංඝනය කරලා

ප්‍රධාන පුවත්

බලයට පැමිණීමට පෙර රහස් ඡන්දයට විරුද්ධ වූ ජ.වි.පෙ. කොළඹ පුරපති තෝරන්න රහස් ඡන්දයක් ඉල්ලීම විහිළුවක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok