විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු දත්ත පද්ධතියට පසුගියදා එල්ල වූ සයිබර් ප්‍රහාරයත් සමග ඩිජිටල් අවකාශයේ කටයුතු කරන විශ්‍රාමික ප්‍රජාව වංචාවන්ට ගොදුරු වීමේ දැඩි අවදානමක් මතු ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.
එකී පිරිස ඩිජිටල් සාක්ෂරතාවය අඩු පිරිසක් බැවින් වංචාවලට හසුවීමේ සම්භාවිතාව ඉහළ යැයි ද හෙතෙම කීවේය.
එබැවින් යම් වෙනත් පාර්ශ්වයක් තමන්ගේ දුරකථනය වෙත සම්බන්ධ වෙමින් ඉල්ලා සිටින රහස් කේත සහ ඊමේල් ලිපින ලබා නොදෙන ලෙසත් නිශ්චිතව නොදන්නා සබැඳියන් වෙත පිවිසීමෙන් වළකින ලෙසත් හෙතෙම ඉල්ලීමක් කළේය.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පසුගියදා එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් එම දෙපාර්තමේන්තුවට අයත් දත්ත ගිගාබයිට් 600ක තොරතුරු තෙවන පාර්ශ්වයක් අතට පත්ව ඇත.
සිරිමන්ත රත්නසේකර