Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: රිළව් ගාලට මාතලෙන් හෙක්ටයාර් 150ක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: රිළව් ගාලට මාතලෙන් හෙක්ටයාර් 150ක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

රිළව් ගාලට මාතලෙන් හෙක්ටයාර් 150ක්

2 weeks ago
1389 Views

රිළවුන්ගෙන් සිදුවන හානිය පාලනයට රැඳවුම් මධ්‍යස්ථාන ඉදි කර රිළවුන් ගාල් කිරීමට පියවර ගනිමින් ඇත.

නියමු ව්‍යාපෘතිය මාතලේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිත බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

මෙරට පළමු රිළා රැඳවුම් මධ්‍යස්ථානය මාතලේ දිස්ත්‍රික්කයේ කළුගඟ ජලාශයට ආසන්නයෙන් ඉදි කිරීමට හඳුනාගෙන ඇත. ජලය, ආහාර, ආරක්ෂාව ඇතුළුව හෙක්ටයාර් 150ක් මධ්‍යස්ථානය ඉදි කිරීමට තෝරාගෙන තිබෙන බව දෙපාර්තමේන්තුව කියයි.

වර්තමානය වන විට රිළා ගහනය දරාගත නොහැකි බවත් රිළා – මිනිස් ගැටුම් උග්‍රවීම, දේපළ, වගා හානිය තීව්‍ර වී රටට දැඩි ආර්ථික හානියක් සිදු වෙමින් තිබෙන බවත් සිදු කළ විද්වත් පර්යේෂණවල දී අනාවරණය වී ඇත.

ඉදිකිරීමට යෝජිත රිළා රැඳවුම් මධ්‍යස්ථානය සඳහා වන ජීවී සංරක්ෂණ අමාත්‍යාංශය නිර්දේශ දී තිබෙන අතර මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතිය පසුගිය 05 දා ලැබිණි. මැලේසියාව ඇතුළු රටවල් කීපයක මෙවැනි රැඳවුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යන බව කමිටුවේ දී වන ජීවී අඩවි ආරක්ෂක චමත් ලක්ෂමන් පෙරේරා මහතා පැවැසීය.

රැඳවුම් මධ්‍යස්ථානය ඉදිකිරීමට රුපියල් මිලියන 283.87 ප්‍රතිපාදන වෙන් කර ඇත. හානිකර රිළවුන් අල්ලා රැඳවුම් මධ්‍යස්ථානය මුදා හැරීමට පියවර ගෙන ඇති අතර ගැහැනු සතුන් සඳහා ලූපයක් පළඳවා ගහනය පාලනය කිරීමට තීරණය කර ඇත.

ගාල් කෙරෙන රිළවුන් යළි පරිසරයට පලා නොයන ලෙස මධ්‍යස්ථානය ආරක්ෂිතව ඉදි කෙරේ. තෝරාගත් ප්‍රදේශයේ ස්වාභාවික ආහාර ප්‍රමාණවත් වන බවත් අවශ්‍ය වුවහොත් පිටතින් ආහාර සැපයීම තීරණ කර ඇති බවත් සඳහන් ය. එක් රිළවකු සඳහා දිනකට ග්‍රෑම්ස් 70 ක ආහාර ප්‍රමාණවත් වන බව වන සත්ව අඩවි ආරක්ෂක පැවැසීය.

මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ගමගෙදර දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්, මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුව පැවැත්විණි.

නිමල් ගුණතිලක

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

6 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

6 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

5 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
ප්‍රධාන පුවත්

ඉමියුනොග්ලෝබියුලීන්වල මාරාන්තික බැක්ටීරියා වතුර

ප්‍රධාන පුවත්

ඇමරිකාවේ ‘බංකර් බස්ටර්’ ඉරානයේ ෆෝඩෝ න්‍යෂ්ටික බලාගාරය වනසයිද?

ප්‍රධාන පුවත්

ඉරානයේ බැලස්ටික් මර්දනයට ඊශ්‍රායලයට ඇරෝ මිසයිල හිඟ වෙයි

ප්‍රධාන පුවත්

ඊශ්‍රායලයේ රැකියා කරන කිසිම ශ්‍රී ලාංකිකයකු ආපහු එන්න ඉල්ලීම් කර නෑ – ඇමැති විජිත හේරත්

ප්‍රධාන පුවත්

ඉන්දීය සිනමා නළු මොහාන් ලාල් අපේ පාර්ලිමේන්තුව බලන්න එයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok