ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනිද්දා (10 වැනිදා) රාත්‍රියේ ජර්මනියේ තෙදින නිල සංචාරයක් සඳහා පිටත් වීමට නියමිතය.
ජර්මනියේ චාන්සලර් ෆෙඩි්‍රක් මර්ස් මහතාගේ නිල ආරාධනයකට අනුව මෙම සංචාරය සිදුවන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 11 වැනිදා සිට 13 වැනිදා දක්වා එම සංචාරයට එක් වනු ඇත.
මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ජර්මානු රාජ්‍යයේ ඉහළ දේශපාලන අධිකාරිය, රාජ්‍යතාන්ත්‍රිකයන් ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව හමුවීමට නියමිතය.
මෙම සංචාරයේදී වෙළෙඳ, බලශක්ති ඇතුළු ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිත බව පැවසේ.
සිරිමන්ත රත්නසේකර