කැලණි ගඟ ආශ්‍රිතව ඇති බස්නාහිර පළාතේ කර්මාන්ත ශාලා 294ක් අතරින් කර්මාන්ත ශාලා 41ක් පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ගෙන නොමැති බවත්, ඉන් ජල දූෂණය ඇතුළු පරිසර හානි සම්බන්ධ කර්මාන්ත ශාලා 17ක බලපත්‍ර අත්හිටුවා ඇති බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය රොසෙල් පෙරේරා මහතා පැවසීය.
ලෝක පරිසර දිනය වෙනුවෙන් කැලණි ගඟ මිටියාවතට මායිම් වන බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ සහකාරවරුන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් පරිසර ගැටලු වෙනුවෙන් බලපාන නීතිමය තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති වැඩමුළුවකදී රොසෙල් පෙරේරා මහතා එසේ පැවසීය.
ලීගල් යූත් සංවිධානය සහ බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. එහිදී රොසෙල් පෙරේරා මහතා මෙසේද පැවසීය.
සමනල කඳුවැටියේ සිට ආරම්භ වන කැලණි ගඟ කිතුල්ගල ප්‍රදේශයට ගලනා තෙක් පිරිසිදු ජල ප්‍රවාහයක් ලෙස රැගෙන එනවා. එම ජල ප්‍රවාහය අවිස්සාවේල්ලෙන් පසු ජල ඝනත්වය හා කර්මාන්ත ශාලා ක්‍රියාකාරකම් සමග ගං ජලය දූෂිතවීම ආරම්භ වෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කයට මායිම්ව කොළඹ දිස්ත්‍රික්කය හරහා ගලා බසින කැලණි ගඟ කර්මාන්ත ශාලා අපජලය ඇතුළු නොයෙක් අයහපත් ක්‍රියාකාරකම් නිසා බස්නාහිර පළාතට පානීය ජලය සපයන කැලණි ගඟ දිවයිනේ අන්ත දූෂිතම ගඟ බවට පත්ව තිබෙනවා.
කැලණි ගඟ මායිමේ ආන්දෝලනාත්මක ව්‍යාපාර ඉදිකිරීම් සඳහා ආවත් අපි ඊට අනුමැතිය සඳහා අත්සන් කළේ නැහැ විරුද්ධ වුණා. නමුත් පරිසරය සම්බන්ධ ආයතන ඊට පක්ෂවයි හිටගත්තේ. මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරි ඩබ්ලිව්.ඒ.කේ. ආනන්ද, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉසුරු ලියනගේ මෙහිදී අදහස් දැක්වූ අතර, බියගම සහකාර ප්‍රාදේශීය ලේකම් චමත් කල්පනා අමදෝරු, සම්පත් දායිකා සමන්මලී පත්මකුමාරි, බියගම ඉඩම් පරිහරණ නිලධාරි ගයත්‍රි විජේතිලක යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ. මෙම අවස්ථාවට පැමිණි සෑම දෙනාට වර්කින් එනර්ජි පුද්ගලික ආයතනය මගින් පලතුරු පැළ නොමිලේ ලබාදී තිබුණි.
ඡායාරූප – පැමිණි ක්ෂේත්‍ර නිලධාරීන්ට බියගම සහකාර ප්‍රාදේශීය ලේකම් චමත් කල්පනා අමදෝරු මහත්මිය විසින් පලතුරු පැළ ලබාදුන් අයුරු.
දැනුවත් කිරීමේ අවස්ථාවට සහභාගි වූ ක්ෂේත්‍ර නිලධාරීන්
දෙල්ගොඩ – සුදත් පුබුදු කීර්ති, මල්වාන-ඩබ්ලිව්.ඩී.එම්. විතානගේ