පළාත් සභා ඡන්ද විමසීම පනත සංශෝධනය කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ මන්ත්‍රී ෂානක්්‍යන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවට ඊයේ (05දා) දින ඉදිරිපත් කළේය.
1988 අංක 02 දරන පළාත් සභා ඡන්ද විමසීම පනත සංශෝධනය කිරීම සඳහා නව පනත් කෙටුම්පත ඉදිරිපත් කළ අතර සමගි ජනබලවේගය පත්කළ මන්ත්‍රී නිසාම් කාරියප්පර් මහතා එය ස්ථිර කළේය.
පළාත් සභා මැතිවරණය වසර ගණනකින් නොපැවැත්වීම හේතුවෙන් සියලුම පළාත් සභා මේ වන විට පළාත් පාලන කොමසාරිස්වරුන් යටතේ පවතී.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන