ප්‍රමිතියෙන් තොර පොහොර නෞකාවක් චීනයෙන් ආනයනය කර ඊට මුදල් යෙදවීම තුළින් රජයට පාඩු සිදු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු කෘෂිකර්ම ඇමැති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ ඊයේ (04දා) පැය 7ක් තිස්සේ ප්‍රකාශ ලබාදී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා පැමිණෙන ලෙස කළ දැනුම් දීමකට අනුව ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ඊයේ පෙරවරුවේ පෙනී සිටියේය.
අල්ලස් කොමිසම හමුවට යෑමට ප්‍රථම මාධ්‍ය අමතමින් ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා කියා සිටියේ මෙම පොහොර ආනයනය සම්බන්ධයෙන් සිදුකරන නිවැරදි පරීක්‍ෂණයක් සඳහා අවශ්‍ය තොරතුරු ලබාදීමට තමන් පැමිණි බවයි.
එහිදී අත්අඩංගුවට ගනීවිද යන්න මාධ්‍ය කළ විමසීමකදී රාජපක්‍ෂ මහතා කියා සිටියේ ඒක තීරණය කරන්නේ මේගොල්ලො තමයි යන්නය.
තමන් මෙම පොහොර ආනයනය කිරීමේ සිද්ධියට කිසිදු සම්බන්ධයක් නොමැති බවද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් මාධ්‍ය හමුවේ කියා සිටියේය.
හේමන්ත රන්දුණු