එකම අරමුණක් මත මනුෂ්‍යත්වයට මුල්තැන දෙමින් අපේක්ෂාවන් ජයග්‍රහණය කරමින් සාමය හා සහජීවනය උදෙසා හජ් සැමරුම අවස්ථාවක් කරගනිමු යැයි ශ්‍රීලනිප මධ්‍යම කාරක සභික පලස්තීනයේ හිටපු තානාපති ෆවුසාන් අන්වර් මහතා පවසයි.
හෙටට යෙදෙන හජ්ජි සැමරුම නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරන ඒ මහතා, අධ්‍යාත්මික හා ලෞකික සාර්ථක ඉලක්ක උදෙසා ආත්මාර්ථය පසෙකලා පරිත්‍යාගය අන් අය කෙරෙහි දක්වන දයාව සහජීවනය පදනම් වූ දිවි පැවැත්මක වටිනාකම හජ්ජි සැමරුම අපට අවධාරණය කරයි.
ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් එකම අරමුණකින් පූජා භූමියකට රැස්ව අවධාරණය කරනුයේ ලෝකවාසීන්ගේ පැවැත්ම උදෙසා උතුම් පණිවුඩයක් බවද එහි දැක්වේ.
හජ්ජි උත්සවය සමග ලොව පුරා ඉස්ලාම් බැතිමතුන්ට අල්ලා දෙවියන්ගේ ආශිර්වාදයෙන් සාමය සතුට සෞභාග්‍ය ළඟාකර ගැනීමට සුබ පැතුම් පුදන බවද එහි සඳහන්ය.