දකුණු ආසියාතික රටවල් ඇතුළු ලොව පුරා රටවල කොරෝනා ආසාදනයෙන් මියයන සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් වර්තමානයේ වායු දූෂණය හේතුවෙන් මියයන බව ඉන්දියාවේ පෙනහලු ආරක්ෂාව පිළිබඳ පදනමේ නිර්මාතෘවරයකු වන ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බෙලාල් බින් අසාෆ් පැවසීය.
ලොවපුරා රටවල කොරෝනා ආසාදනයෙන් මේ දක්වා මියගොස් ඇත්තේ මිලියන 7ක සංඛ්‍යාවක් වුවද වායු දූෂණය හේතුවෙන් වාර්ෂිකව ගෝලීය වශයෙන් මිලියන 8ක් දෙනා මියයන බව මැලේසියාවේ සන්වේ විශ්වවිද්‍යාලයේ පෙරේදා (04 දා) ඇරැඹි “වායු හා ප්ලාස්ටික් දූෂණය හා සෞඛ්‍ය” මැයෙන් වූ දෙදින ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සඳහා වන වැඩමුළුව අරඹමින් වෛද්‍ය අසාෆ් අනාවරණය කළේය.
වායු හා ප්ලාස්ටික් දුෂණය පවතින රටවල දුම් පානය නොකරන කිසිවකු නොසිටින බව කී වෛද්‍ය අසාෆ් ඉන්දියාවේ අධික වායු දූෂණයක් පවතින නවදිල්ලි නගරයේ බොහෝ දෙනකුගේ පෙනහලු කලු පැහැ ගැන්වී ඇති බවත්, එම පිරිස අතර තරුණ තරුණියන් මෙන්ම ළමුන්ද සිටින බව පැවසීය. දකුණු ආසියාව පුරා වායු දූෂණය ඉතාමත් ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් පිළිකා රෝගයට ගොදුරුවන්නන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර කලාපයේ මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් වැඩි හඬක් නැගිය යුතු බවද ඔහු පැවසීය.
මැලේසියාවේ සන්වේ නගරයේ පෙරේදා (04 දා) හා ඊයේ (05 දා) පැවති දෙදින ජාත්‍යන්තර මාධ්‍යවේදී වැඩමුළුව සන්වේ විශ්වවිද්‍යාලයේ ගෝලීය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබිණ
ඒමන්ති මාරඹේ (මැලේසියාවේ සන්වේ නගරයේ සිට)