Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: කැලණි සරසවි වෛද්‍ය පීඨයෙන් සාර්ථක නළදරු ගැබ් ගැන්වීමක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: කැලණි සරසවි වෛද්‍ය පීඨයෙන් සාර්ථක නළදරු ගැබ් ගැන්වීමක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

කැලණි සරසවි වෛද්‍ය පීඨයෙන් සාර්ථක නළදරු ගැබ් ගැන්වීමක්

5 days ago
177 Views

කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරිවේද අධ්‍යයනාංශයේ සාඵල්‍යතා මධ්‍යස්ථානය මගින් (IVF Centre) නළදරු තාක්ෂණය භාවිත කරමින් සාර්ථක ගැබ් ගැන්වීමක් සිදු කර ඇත. මෙය රාජ්‍ය අංශයේ සාඵල්‍යතා මධ්‍යස්ථානයකින් (IVF Centre) සිදු කළ පළමු සාර්ථක ගැබ්ගැන්වීම ලෙස වාර්තා වෙයි.

කාලාන්තරයක් තිස්සේ සිදු කරන ලද අධ්‍යයනයක ප්‍රතිඵලයක් වශයෙන් මෙම ගැබ් ගැන්වීමේ කටයුත්ත සිදු කරන ලද්දේ කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරිවේද අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව, නාරිවේද සහ මදසරුභාවය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුරංග හෙට්ටිපතිරණ මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසිනි.

මේ පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය සනාතන සභා රැස්වීම් ශාලාවේ දී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සුරංග හෙට්ටිපතිරණ මහතා,

IVF ප්‍රතිකර්මය ලංකාවට ආවේ 2002 දී. එදා සිට අද වෙනකම් IVF ප්‍රතිකර්මය සිදු කරන රෝහල් 10ක් 12ක් විතර ලංකාවේ තියෙනවා. හැබැයි ඒ ඔක්කොම තිබ්බේ පෞද්ගලික අංශයේ. මේ IVF ප්‍රතිකර්මය තමයි මදසරු යුවළකට ඇති අවසාන අවස්ථාව. නමුත් මේ IVF ප්‍රතිකර්මයට ලක්ෂ 10ක් 12ක් වැනි අධික වියදමක් යනවා. මේ සඳහා අවශ්‍ය වන ඖෂධ රජයේ මැදිහත් වීමෙන් අපට ලබා ගැනීමට හැකියාවක් තිබේ නම් මේ ප්‍රතිකර්මය සම්පූර්ණයෙන් නොමිලේ ලබා දීමේ හැකියාවක් අපට තියෙනවා. නැතිනම් පෞද්ගලික අංශයෙන් වැයවන මුදලට 50%කට වඩා අඩු මුදලකට මේ සේවාව ඉදිරියේ දී ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.

මෙහිදී වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය මාධව චන්ද්‍රතිලක, ප්‍රසව හා නාරිවේද අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානී නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අසන්ත ද සිල්වා, ප්‍රසව හා නාරිවේද අධ්‍යයනාංශයේ මහාචාර්ය සහ උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස්, ප්‍රසව හා නාරිවේද අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව, නාරිවේද සහ මදසරුභාවය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුරංග හෙට්ටිපතිරණ සහ මෙම IVF මධ්‍යස්ථානය හරහා නළදරු තාක්ෂණයෙන් සාර්ථක ගැබ්ගැන්වීමට සම්බන්ධ වූ අඹු සැමි යුවළ ද අදහස් දැක්වූහ.

සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකය විසින් මෙම මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කරනු ලැබිණි.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

5 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

4 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

7 days ago
Related News
ප්‍රධාන පුවත්

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

ප්‍රධාන පුවත්

ජනපති ජර්මනියට

ප්‍රධාන පුවත්

වැට උඩ සභා 85ක් සජබට

ප්‍රධාන පුවත්

රිළව් ගාලට මාතලෙන් හෙක්ටයාර් 150ක්

ප්‍රධාන පුවත්

මං මර්වින්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok