පැල්වත්ත හෝ සෙවනගල යන සීනි කර්මාන්ත ශාලා වසා නොදමන බවත් ඒවායේ නිපදවන දුඹුරු සීනි රටවල් කිහිපයකට අපනයනය කිරීමට කටයුතු කරන බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03දා) පැවසීය.
27 (2) යටතේ විශේෂ ප්‍රශ්නයක් විමසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට සීනි කර්මාන්තයේ යෙදී සිටින ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටි අතර ඊට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීය.
මෙරට සීනි කර්මාන්තයෙන් ජීවනෝපය සකසා ගත් පවුල් දෙලක්ෂ පනස්දහසකට ආසන්න ප්‍රමාණයක් වත්මන් රජයේ බදු ප්‍රතිපත්තියේ අසමානතා හේතුවෙන් දැඩි අභියෝගයන්ට මුහුණ දී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.
විපක්ෂ නායකවරයාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේ කියා සිටියේය.
මෙරට නිෂ්පාදනය කරන දුඹුරු සීනි සඳහා ලෝකයේ විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒවාට රසායනික පොහොර ඉතාමත් අඩුවෙන් යොදවන්නේ. දුඹුරු සීනි ආනයනය කිරීම සඳහා අපි දැනට චීනය, ඉරානය සහ අප්‍රිකානු රටවල් කිහිපයක් සමග සාකච්ඡා කර තිබෙනවා. සීනි මෙටි්‍රක් ටොන් තිස්තුන්දහසක් විකුණන්න බැරුව සිටින විට තමයි අපි මේ ආයතනය භාර ගත්තේ. අපි සෙවනගල වහලා නෑ. වහන්නෙත් නෑ. විකුණන්නෙත් නෑ. මේ ආයතනය ලාභ ලබන්න වැඩ සටහනක් හදලා තිබෙන්නේ.
අපි සංචාරක කර්මාන්තය මෙතනට ගෙන එන්න කටයුතු කරනවා. අපි මේක හදනවා. ගොවියාට ශත පහක්වත් අඩු කරන්නේ නැතුව, සේවකයන්ගේ ප්‍රශ්නත් විසඳලා, සාධාරණ මිලකට පාරිභෝගිකයන්ට අපි සීනි ලබා දීමට ක්‍රියා කරනවා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන