Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පෞද්ගලික දත්ත දායකයන්ගේ ආරක්ෂාවට දත්ත ආරක්ෂණ පනත නවීකරණය කළා – ඇමැති අනුර කරුණාතිලක
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පෞද්ගලික දත්ත දායකයන්ගේ ආරක්ෂාවට දත්ත ආරක්ෂණ පනත නවීකරණය කළා – ඇමැති අනුර කරුණාතිලක
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

පෞද්ගලික දත්ත දායකයන්ගේ ආරක්ෂාවට දත්ත ආරක්ෂණ පනත නවීකරණය කළා – ඇමැති අනුර කරුණාතිලක

2 weeks ago
208 Views

දත්ත අවභාවිත කළොත් ගතහැකි නීතිමය ක්‍රියාමාර්ගය කුමක්ද – ප්‍රසාද් සිරිවර්ධන

ඩිජිටල්කරණය ගැන කතාකළත් නීති පද්ධතිය හදලා කාර්ය මණ්ඩලය බඳවා ගෙනවත් නෑ – නාමල් රාජපක්ෂ

රට හිමින් නැගිටින විට විපක්‍ෂය දඟලනවා – සමන්ත විද්‍යාරත්න

පුද්ගල දත්ත ආරක්ෂා කිරීම සඳහා අපේ රට විසින් පනවා ඇති නීති ජාත්‍යන්තර රාමුව තුළ සමානුපාතික වන ලෙස සහ මෙරට දත්ත දායකයන්ගේ ආරක්ෂාව උදෙසා පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) නමැති පනත් කෙටුම්පත නවීකරණය කළ බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස ඇමැති අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03දා) පැවසීය.

වේත්‍රධාරී කුෂාන් සම්පත් ජයරත්න මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව ඊයේ (03 දා) පෙරවරු 9.30ට කතානායක වෛi ජගත් වික්‍රමරත්න මහතාගේ මූලාසනයෙන් යුතුව රැස්විණ. ප්‍රථමයෙන් නිවේදන, වාර්තා, ලිපිලේඛන, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂා කරනු ලබන ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ. පසුව 21/27 යටතේ ප්‍රශ්න විමසීම ඉන් අනතුරුව සිදුවිය. පසුව පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දිනට නියමිත වූ විවාදය ආරම්භ කෙරිණ.

විවාදය ආරම්භ කරමින් නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස ඇමැති අනුර කරුණාතිලක මහතා –

ජනතාවගේ දත්ත සම්බන්ධයෙන් අද ලෝකය තුළ නව ප්‍රවණතාවක් මෙන්ම සමාජ අවධානයක් ඇති වී තිබෙනවා. එය මේ වනවිට සම්පතක් දක්වා වැඩි දියුණු වෙලා තිබෙනවා. ඇතැමුන් කතා වෙනවා ඉදිරි යුගයේදී රත්තරන්වලට වඩා වැඩි වටිනාකමක් මේ පුද්ගලික දත්තවලට ලැබෙයි කියලා. ඒ නිසයි ඩේටා මයිනින් වැනි මාතෘකා සාකච්ඡා වෙන්නේ. දත්ත පිළිබඳව මෙහෙම වටිනාකමක් ඇති වෙනවා වගේම දත්ත පිළිබඳව අවදානමක් ද ඇති වී තිබෙනවා. ඒ නිසා දත්ත ආරක්ෂාව පිළිබඳව ලෝකය තුළ කතිකාවතක් ඇති වී තිබෙනවා.

එම රටවල් විසින් දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව තමයි මේ සඳහා අණ පනත් ඇති කර තිබෙන්නේ. ඒ නිසා මේ පුද්ගලික දත්ත සම්බන්ධයෙන් කතා කරනකොට ප්‍රධාන පියවර තුනක් අනුගමනය කළ යුතුයි කියා ඒ විශේෂඥයන් කියා තිබෙනවා. අපි අද ඉදිරිපත් කරන මේ පනත අපේ රටේ 2022 දී තමයි මේ ප්‍රධාන පනත පාර්ලිමේන්තුවට ආවේ. ඒ අනුව පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත 2025 මාර්තු 08 වන දින වන විට සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක විය යුතුයි කියන අදහසේ තමයි හිටියේ. නමුත් මේ සඳහා පුද්ගලික මෙන්ම රාජ්‍ය අංශය මේ සඳහා දායක කර ගත යුතුයි. දත්ත දායකයන් සුවිශේෂී ලෙස ආරක්ෂා කිරීම සඳහා කටයුතු අනුගමනය කළ යුතුයි කියා සමාජය තුළ විශාල සාකච්ඡාවක් ආවා. එහිදී අංගසම්පූර්ණ නියාමන ආයතනයක් පිහිටුවිය යුතුයි කියන අදහස ඉදිරිපත් වුණා. ඒ අවශ්‍යතාව සලකා බලා මේ පනත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට පෙර, මේ සංශෝධනය කළ යුතුයි කියන එක තීරණය වුණා. මේ සඳහා ඩිජිටල් අමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලයට කැබිනට් සංදේශ දෙකක් ඉදිරිපත් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි අපි අද මේ සාකච්ඡා කරන ඒ පනතේ සංශෝධන අද මේ සාකච්ඡාවට ගන්නේ. අද වනවිට ඒඅයි තාක්ෂණය දත්තත් එක්ක බැඳිලා තිබෙන ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය මේ සමග සම්බන්ධ කර ගැනීමට අද ගෙනෙන සංශෝධන මගින් හැකි වෙනවා. අද වනවිට දත්ත සඳහා දේශසීමා නෑ. අපි මෙහේ සිට ලබාදෙන දත්ත විදේශයක තැන්පත් වෙනවා වෙන්න පුළුවන්. දේශසීමා හරහා පෞද්ගලික දත්ත සංචරණය වනවිට ඒ දත්ත ලබා ගන්න පිළිපැදිය යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙනුත් අද අපි නීති හඳුන්වා දෙනවා. අපේ නීති ජාත්‍යන්තර ලෙස සමානුපාතික වන ලෙස දත්ත ආරක්ෂාව තහවුරු කරනු පිණිස තමයි මේ පනත ඉදිරිපත් කර තිබෙන්නේ.

ගම්පහ දිස්ත්‍රීක් මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා (සජබ) –

ලංකාවේ මහජනතාවගේ මතය තමයි අනෙකාගේ පෞද්ගලිකත්වය පිළිබඳ තොරතුරු තමන්ට තියෙන වගවීම ගැන නිරවුල් අදහසක් නැතිකම.

තමන්ගේ ඇඟිලි සලකුණේ සිට ලේ වර්ගය, රෝගාබාධ සියලු දේ විවිධ තැන්වලට දීලා ඉවරයි. මේ තොරතුරු ලබා දුන්නාට පසු ලබා ගන්න ආයතනය මේ තොරතුරු කවර ආකාරයකට භාවිත කරනවාද, වෙනත් කණ්ඩායම්වලට ලබා දෙනවාද අවභාවිතා කරයිද යන ප්‍රශ්නයට පිළියමක් අප අද ගෙනෙන මේ පනතින් ඉදිරිපත් වෙනවා.

ඩිජිටල්කරණයට අවශ්‍ය මේ පනත් ක්‍රියාත්මක කරන අතරතුර ආණ්ඩුව සියල්ලටම පත්කර ඇති ප්‍රධානීන් ලෙස තොරතුරු හුවමාරුව පිළිබඳ ආයතනවල සිටි අයයි පත්කර තියෙන්නේ. පළමු පත්කිරීම ඇතුළතම තොරතුරුවල ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් ඇති වෙනවා.

අපේ දත්ත වෙන කෙනකුට දුන්නොත් අවභාවිත කළොත් ඒ වෙනුවෙන් ගන්න පුළුවන් නෛතික ක්‍රියාමාර්ග මොනවාද කියලා සමාජය දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි.

ආර්ථිකය පෞද්ගලික අංශයට විවෘත විය යුතු බව අපි විශ්වාස කරනවා. පෞද්ගලික අංශයට විවෘත වනවිට ඒ ආර්ථිකය පවත්වාගෙන යන්න සමාජයක් වෙත තොරතුරු දත්ත වැදගත්. නමුත් රජයක වගකීම තමයි පෞද්ගලික ආයතනය ලබාගන්න තොරතුරු කවරාකාරයට භාවිත කරන්නේද ඒවා රඳවා තබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ අදහසක් ආණ්ඩුවට තිබිය යුතුයි. එහි වගකීම ආණ්ඩුවට තිබිය යුතුයි.

පත්කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ (ශ්‍රී ලංපොපෙ) –

දත්ත ආරක්ෂා කිරීමේ ඒජන්සිය පත් කරන්න තිබුණේ මීට වසරකට පමණ පෙර. අවාසනාවකට එය සිදු වුණේ නෑ. අදත් වත්මන් ජනපති කියන්නේ කාර්ය මණ්ඩලය බඳවාගත යුතුයි කියලා. එවැනි දේ සිදු කිරීම නිසා ඩිජිටල්කරණ ක්‍රියාවලිය ප්‍රමාද කිරීම අසාධාරණයි.

ඩිජිටල්කරණය ගැන කතා කරනවා. නමුත් ඊට අවශ්‍ය මූලික නීති පද්ධතිය හදලා කාර්ය මණ්ඩලය බඳවා ගන්නවත් ආණ්ඩුව ක්‍රියා කර නෑ. දත්ත ආරක්ෂණය කිරීමේ පනත මේ ආණ්ඩුවෙන් ගේන එක හොඳයි. එදා අපේ ආණ්ඩුව දත්ත ආරක්ෂණ පනතක් ගෙනාවම ඊට විරුද්ධවයි ජවිපෙ කතා කළේ. අද එයට සංශෝධන ගේන්නත් ආණ්ඩුව මැදිහත් වී තියෙනවා. ජනතාවගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම පිළිබඳව කතා කිරීමට ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් තිබෙනවාද?

වැවිලි හා ප්‍රජා යටිතල පහසුක්ම ඇමැති සමන්ත විද්‍යාරත්න –

ඒ කාලේ දත්ත හැංගුවාට දැන් හංගන්න බෑ. ඉස්සරහටත් හොඳට ක්‍රියා කරමින් යනවා.

මේ රටේ ජනතාවගේ දේපළ මුදල් වංචා කළා නම් ඒවා දැන ගැනීමේ අයිතිය ජනතාවට තිබෙනවා. මේ රටේ නීතියට අනුව නීතියට පමුණුවන්නත් අයිතියක් තියෙනවා. ඒ නිසා ඉතිහාසයේ බොහෝ දේ නීතිය පැත්තක තියලා වහගෙන තිබුණා. ජනතාවට වෙච්ච එකඟතාවන්ට අනුව ඔවුන්ගේ දත්ත අරගෙන ඊට එරෙහිව කටයුතු කරනවා.

මේ රටේ ජනතාවගේ රැකිය යුතු දත්ත රකින්න අවශ්‍ය පනත් සකස් කරලා සම්මත කරනවා.

මේ රටේ ජනතාවගේ ජීවිත බොහෝ දුක්ඛිත තත්ත්වයට පත්කරපු ඉතිහාසය සම්බන්ධ තොරතුරුත් ජනතාව දැනගත යුතුයි.

දේශපාලන උවමනා එපාකම් මත පසුගිය කාලයේ රාජ්‍ය ආයතන පිහිටෙව්වා. රාජ්‍ය සේවය බොහෝ අකර්මණ්‍ය කළා. ගරුත්වය නැතිකළා. බඳවා ගත්තේ දේශපාලන උවමනා මතයි. රාජ්‍ය සේවයේ මුදුන ශක්තිමත් කළේ නෑ.

අපි අත්‍යවශ්‍ය සේවයට බඳවා ගැනීම් කරනවා. රාජ්‍ය සේවයට 38500ක් බඳවා ගන්න අවශ්‍ය බව කළමනාකරණ කොමිසම කියනවා. 15000ක් බඳවා ගන්න කැබිනට් මණ්ඩලය තීන්දු කළා. පනතට අදාළ කාර්ය මණ්ඩලය බඳවා ගැනීම ගැටලුවක් නෑ.

දිළිඳුකම පිටුදැකීම්, ක්ලීන් ශ්‍රී ලංකා හා ඩිජිටල්කරණ ව්‍යාපෘතිවලින් අපි සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන තිබෙනවා. මේ වසරේ මුල් කාර්තුවේ දත්ත මුදල් අමාත්‍යාංශය හෙළිකළා. අපනයන ආදායම සියයට 6.7ක වර්ධනයක් ලබාගත්තා. 2024ට සාපේක්‍ෂව මේ රට නැගිටින විට විපක්‍ෂයට පොඩි දැඟලීමක් තියෙනවා. ඔවුන් හිතුවේ මේ රට වැටෙයි කියලා.

නියෝජ්‍ය ඇමැති එරංග වීරරත්න –

අද ලෝකය ඩිජිටල්කරණයෙන් ඉදිරියට යනවා. සමාජ මාධ්‍ය තුළත් සියලු තොරතුරු තියෙනවා. ඒ.අයි. තාක්‍ෂණයට පුළුවන් තම කාර්ය පහසු කරන්න නියෝජිතයෙක්

හදාගන්න. ඒ අනුව ඩිජිටල්කරණය අපට ඉතා සමීපයි. ඒ වගේම අවශ්‍යයි.

දත්ත පද්ධතිය ආරක්ෂිත නැත්නම් හෝ ලබා ගත්ත දත්ත අවසර නැති දේකට පාවිච්චි වෙනවා නම් පෞද්ගලිකත්වයට හානි වෙනවා. ඒ සඳහා දත්ත ආරක්ෂාවට සයිබර් ආරක්ෂණ පනතක් ගේන්න කටයුතු කරමින් ඉන්නවා. එය ජාතික ආරක්ෂාවටත් ඉතා වැදගත්.

පාර්ලිමේන්තුව යළි අද (04 දා) පෙරවරු 9.30ට රැස්වේ.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

3 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

3 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

2 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

2 days ago
Related News
ප්‍රධාන පුවත්

කොළඹ පුරපති පුටුව මාලිමාවේ බල්තසාර්ට – කැලීට ඡන්ද 61යි: රීසාට 54යි – තේරුවේ රහස් ඡන්දයෙන්

ප්‍රධාන පුවත්

කිසිම පක්ෂයකට බහුතරය නැති පුංචි සභා 6ක් මාලිමාවට යයි

ප්‍රධාන පුවත්

රත්මලාන – යාපනය ඍජු අභ්‍යන්තර ගුවන් සේවාවක් සඳහා පෞද්ගලික සමාගමකට ලයිසන් එකක්

ප්‍රධාන පුවත්

ආණ්ඩුව පළාත් පාලන ආයතන මාර්ගෝපදේශ සංග්‍රහය අමුඅමුවේ උල්ලංඝනය කරලා

ප්‍රධාන පුවත්

බලයට පැමිණීමට පෙර රහස් ඡන්දයට විරුද්ධ වූ ජ.වි.පෙ. කොළඹ පුරපති තෝරන්න රහස් ඡන්දයක් ඉල්ලීම විහිළුවක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok