ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජ තානාපතිනිය මියොන් ලී මහත්මිය මැයි මස අගභාගයේදී හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) වෙත පැමිණියාය. එහිදී කොරියානු ආයෝජන සහ වෙළෙඳ ක්ෂේත්‍රය සඳහා පවතින අවස්ථා මෙන්ම වරායේ මෙහෙයුම් ප්‍රවීණතා පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
තානාපතිනිය සහ නියෝජ්‍ය මහ කොමසාරිස් එයුන්ජි කන්ග් මහත්මිය සහ පර්යේෂක මින්වූ ජෝ මහතාගෙන් සමන්විත දූත පිරිසට වරායේ උපායමාර්ගික යටිතල පහසුකම්, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන කටයුතු සහ ආයෝජන සඳහා අනගි සුදුස්සකු වන HIP උද්‍යානය පිළිබඳව දැනුවත් කරන ලදී.
කොරියානු සමාගම්හට කලාපීය වෙළෙඳාම් සහ නිෂ්පාදන වෙත පිවිසීමේ දොරටුවක් ලෙස HIP සැලකීමේ වැදගත්කම පෙන්වා දීම පිළිබඳ සාකච්ඡා හමුවේ විශේෂ අවධානය යොමු විය. හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG), වරාය තුළ වර්ධනය වෙමින් පවතින පරිසරය තුළ, අනාගත ව්‍යාපාර ගොඩනැංවීමට කොරියානු ආයෝජකයන්හට ආරාධනා කරන ලදී.
වමේ සිට දකුණට CNM HIPG හි කනිෂ්ඨ විධායක මනෝජ් දසනායක මහතා, CNM HIPG හි විධායක සේමිණි වරාවිට මහත්මිය, ඩයමන්ඩ් ශිපින්ග් සර්විසස් සමාගමෙහි වාණිජ කළමනාකරු ප්‍රසන්න ජයතිලක මහතා, CNM HIPGහි වාණිජ හා අලෙවි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බින්දු රණසිංහ මහතා, HIPGහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ටොමි යැන්ග් මහතා, කොරියානු තානාපතිනි මියොන් ලී මහත්මිය, නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී එයුන්ජි කන්ග් මහත්මිය, පර්යේෂක මින්වු ජෝ මහතා සහ ඩයමන්ඩ් ශිපින්ග් සර්විසස් හි අධ්‍යක්ෂ දුෂාන්ත පීරිස් මහතා.