Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: අපේ සිසුන් පිටරට අධ්‍යාපනයට යෑමෙන් වසරකට ඩොලර් බිලියන 3ක් රටින් පිටට යනවා – මෙරට සරසවිවලම සිසුන් රඳවා ගන්න ආණ්ඩුව ගන්න පියවර රවී අසයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: අපේ සිසුන් පිටරට අධ්‍යාපනයට යෑමෙන් වසරකට ඩොලර් බිලියන 3ක් රටින් පිටට යනවා – මෙරට සරසවිවලම සිසුන් රඳවා ගන්න ආණ්ඩුව ගන්න පියවර රවී අසයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

අපේ සිසුන් පිටරට අධ්‍යාපනයට යෑමෙන් වසරකට ඩොලර් බිලියන 3ක් රටින් පිටට යනවා – මෙරට සරසවිවලම සිසුන් රඳවා ගන්න ආණ්ඩුව ගන්න පියවර රවී අසයි

5 days ago
264 Views

මෙරට සිසුන් ලක්ෂයක් පමණ වසරකට විදේශ අධ්‍යාපනය සඳහා යොමු වන අතර, එමගින් ඇමරිකානු ඩොලර් බිලියන 03ක් පමණ රටින් පිටතට යන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03) පැවසීය.

ඒ හේතුවෙන් එම සිසුන් මෙරට විශ්වවිද්‍යාල තුළම රඳවා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ දැනගැනීමට අවශ්‍ය බව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්නයක් යොමු කරමින් හෙතෙම කියා සිටියේය.

රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ ප්‍රමාණය වැඩි කරගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව ඊට පිළිතුරු දෙමින් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා – උසස් පෙළ විභාගය අවසානයේ 174,000ක් විශ්වවිද්‍යාලවලට සමත් වෙලා තියෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සිසුන් 55,400ක් අපේ විශ්වවිද්‍යාල 22ට ඇතුළත් වෙනවා කියලා වාර්තා කරනවා. ඒ අතරතුර මාධ්‍යයේ පළවෙනවා සාමාන්‍යයෙන් අවුරුද්දකට ලක්ෂයක් පමණ සිසුන් රටින් පිට යන බව. මේ නිසා ඇමරිකානු ඩොලර් බිලියන 3ක් රටින් පිට වෙනවා.

174,000ක් සමත් වෙලා තිබෙනවා නම්, රජයේ අනුග්‍රහයෙන් 55,000ක් විශ්වවිද්‍යාලවලට යනවා නම්, මේ අහිංසක දරුවන්ට අවස්ථාවක් නෑ ලංකාවේ විශ්වවිද්‍යාලවලට යන්න. මේ රටේ විදේශ විනිමය පිටට යන්නේ නැතිව පුළුවන් තරම් ලාංකිකයන්ට මෙහේ විශ්වවිද්‍යාලවල උපාධිය හදාරන්න සහ අවට රටවලිනුත් ලංකාවට අධ්‍යාපන සංචාරකයන් වශයෙන් මේ අවස්ථාව උපයෝගී කරගන්න අපිට බැරිද?

අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා- කොහොමද අවස්ථාව වැඩි කරන්නේ කියා අපි සාකච්ඡාවක ඉන්නවා. උසස් අධ්‍යාපනය පමණක් නොවෙයි මෙවර අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේත් උසස් අධ්‍යාපනය විශ්වවිද්‍යාලවලට පමණක් සීමා නොකර වෘත්තීය අධ්‍යාපනයට ලොකු ප්‍රමාණයක් යොමු කරන අදහස සහ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරමින් සිටිනවා. පාසල් අධ්‍යාපනයට වෘත්තීය අධ්‍යාපනය එකතු කිරීම එකක්. වෘත්තීය අධ්‍යාපනයට අවස්ථාව වැඩි කිරීම තව එකක්. මෙවර අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ව්‍යවසායකත්වය සහ විවිධාකාර කරුණු ඇතුළත් කර තියෙනවා.

ඒ වගේම රජයේ විශ්වවිද්‍යාල සහ අනෙකුත් විශ්වවිද්‍යාල ඒකාබද්ධ හුවමාරු වැඩසටහන් සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරනවා. අනිත් විශ්වවිද්‍යාල 28න් එහාට අපි මෙවර කරන කාර්යය තමයි ගුණාත්මක වර්ධනයක් කිරීම.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

5 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

4 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

7 days ago
Related News
ප්‍රධාන පුවත්

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

ප්‍රධාන පුවත්

ජනපති ජර්මනියට

ප්‍රධාන පුවත්

වැට උඩ සභා 85ක් සජබට

ප්‍රධාන පුවත්

රිළව් ගාලට මාතලෙන් හෙක්ටයාර් 150ක්

ප්‍රධාන පුවත්

මං මර්වින්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok