කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (03) ඉතිහාසයේ ඉහළම අගය කරා ළඟාවීමට සමත් විය.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඊයේ ගනුදෙනු අවසානයේ ඒකක 17214.39 ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ ගියේය. මෙය මීට පෙර වාර්තා වූ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය වූ 2025 පෙබරවාරි 18 වැනිදා වාර්තා වූ ඒකක 17193.8 අගය ඉක්මවා යාමකි. මේ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 234.50 ක දැවැන්ත වර්ධනයක් ඊයේ වාර්තා කළේය.
මේ සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට බැංකු සහ මූල්‍ය සමාගම්වල කොටස් මිල ඉහළ යාම් විශාල වශයෙන් දායක වී තිබේ. මේ අතර රු. බිලියන 7.37 ක ඉහළ ගනුදෙනු පිරිවැටුමක් ද ඊයේ වාර්තා විය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත