ත්‍රිවිධ හමුදා සේවයෙන් පලාගිය නිලධාරීන් ඇතුළු සෙබළුන් 2,983 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
පසුගිය පෙබරවාරි මස 22දා සිට මැයි මස 30දා දක්වා කාලය තුළදී ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සිදුකළ මෙහෙයුම්වලදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ. එලෙස අත්අඩංගුවට ගත් සෙබළුන් අතර යුද හමුදාවේ 2,261ක්, නාවික හමුදාවේ 194ක් සහ ගුවන් හමුදාවේ 198ක් ද වන බව සඳහන් වේ.
මීට අමතරව, ශ්‍රී ලංකා පොලිසිය විසින්ද මෙලෙස සේවයෙන් පලාගොස් සිටි සෙබළුන් හා නිලධාරීන් 330 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
සුජීව තත්සර