හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ගොනු කළ පෙත්සමයක්, ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් ඔහුට එරෙහිව අධිචෝදනා භාර දී තිබෙන නඩුවක් සම්බන්ධයෙන් රවි කරුණානායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබිණි.
අදාළ නඩුව සම්බන්ධව මතු වූ චෝදනාවන්ට අනුව, රවි කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයාව සිටියදී ජීවත් වූ සුඛෝපභෝගී නිවසක මාසික කුළිය රුපියල් දාහතර ලක්ෂ පනස් දහසක් වශයෙන් අර්ජුන් ඇලෝසියස් විසින් ගෙවා ඇති බව සඳහන් කරයි.
එම කුලිය මාස 8ක කාලයක් පුරාම අර්ජුන් ඇලෝසියස් විසින් ගෙවා ඇති අතර, එමගින් ඔහු මුදල් ලබා දී ඇත්තේ පර්පෙචුවල් ට්‍රෂෙරීස් සමාගමේ ප්‍රධානියා ලෙසිනි.
මේ සම්බන්ධයෙන් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ රවි කරුණානායකට එරෙහිව නඩු පවරා ඇති අතර, ඒ සඳහා පදනම් වූ අල්ලස් පනත යටතේ අමාත්‍යවරයකුට එරෙහිව නඩු පැවරිය නොහැකි බව රවි කරුණානායකගේ නීතිඥයන් පාර්ශවය පවසා තිබුණි.
නමුත් මහාධිකරණය එම නියෝගයට එරෙහිව, අභියාචනයක් ගොනු කිරීමට රවි කරුණානායක දැරූ උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ ප්‍රතික්ෂේප කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කළ හැක්කේ, මහාධිකරණයෙන් ඔහු වරදකරු කළහොත් පමණක් බවට රවි කරුණානායකගේ පෙත්සම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් දැනුම් දුන්නේය.
ඒ. ජේ. ඒ. අබේනායක