විදුලිය හා ඉන්ධනවල නිෂ්පාදන පිරිවැය අඩු කරන අතරතුර මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ තරගකාරිත්වය වැඩිදියුණු කිරීමට පියවර ගැනීමෙන් පාරිභෝගිකයින්ට ප්‍රතිලාභ ලබා දීමට ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ක්‍රියාමාර්ග ගතහැකි බව මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් වෙයි.
උපයෝගිතා සඳහා පිරිවැය පිළිබිඹු නොවන ආකාරයෙන් මිල නියම කිරීමෙන් සැමට විවෘත ලෙස සහන ලබාදීම වැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීම වෙනුවට ඉලක්කගත ප්‍රතිලාභ යෝජනා ක්‍රම හරහා ආර්ථිකයේ අවශ්‍යතා ඇති ජන කොටස්වලට අමතර සහන සැපයිය හැකි බව ද මෙකී වාර්තාවේ සඳහන් වෙයි.
පිරිවැයට වඩා අඩු අගයක් මිල නියම කිරීමෙන් විදුලිය හා ඉන්ධන වැනි උපයෝගිතා සඳහා පාරිභෝගිකයින්ගේ ආදායම් මට්ටම නොසලකා සැමට එක ලෙස සලකා විවෘත ලෙස සහනාධාර ලබාදීමේ දිගු ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුව පවතින බව ද මෙම වාර්තාවේ සඳහන් වේ. මෙම සහනාධාර ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය කාර්ය සාධනයට සැලකිය යුතු බලපෑමක් ඇති කළ බව ද මෙකී වාර්තාවේ සඳහන් වෙයි.
ලලිත් චාමින්ද