ශ්‍රී ලාංකේය ජන බුද්ධියේ නිම්වළලු පුළුල් කරලීමට විද්වත් දායකත්වය ලබාදුන් ප්‍රවීණ දේශක අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත විය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ද වූ හේරත් මහතා ස්වර්ණවාහිනියේ ‘අමාදහර’, ස්වාධීන රූපවාහිණියේ ‘දොරමඬලාව’ ඇතුළු වැඩසටහන් රැසකටම ස්වකීය සම්පත් දායකත්වය ලබාදුන්නේය. මිය යනවිට 73 වැනි වියේ පසුවූ හේරත් මහතා රෝගාතුරව පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අභාවප්‍රාප්ත වී තිබේ. දේහය 340/ඊ, පිළිගල්ල පාර, අගුණාවල, පේරාදෙණිය ලිපිනයේ තැන්පත් කිරීමට නියමිත අතර අවමගුල් කටයුතු අද (01දා) සවස සිදුකිරීමට නියමිතය.