වගා හානි කරනු ලබන සතුන් සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ සංගණනයේ අවසන් වාර්තාව එළිදැක්වීම ප්‍රමාදව ඇත්තේ එම දත්ත තොරතුරු යළි විද්‍යාත්මක විශ්ලේෂණයන්ට යොමුකිරීම හේතුවෙන් බව සත්ත්ව සංගණනය වෙනුවෙන් පත් කරනු ලැබ ඇති කමිටුව සඳහන් කරයි.
අදාළ සත්ත්ව සංගණනයේ සියලුම දත්ත තොරතුරු ලැබී ඇතත් එම තොරතුරු දිස්ත්‍රික් මට්ටමින් සහ ස්ථානීය සමීක්‍ෂණයන්ට යළි ලක්කර ඒ අනුව අවසන් වාර්තාව එළිදැක්වීමට කටයුතු කරනු ලබන බව ද එම කමිටුව පවසයි.
වගාවන්ට හානි කරනු ලබන රිළවුන්, වඳුරන්, දඬුලේනුන් සහ මොනරුන් ඇතුළු සතුන් අදාළ සංගණනයට ඇතුළත්ව තිබිණි.
කෘෂිකර්ම අමාත්‍යාංශය, වනජීවී දෙපාර්තමේන්තුව සහ ඊට පරිබාහිර ආයතන මෙන්ම මහාචාර්යවරු ද වගාවන්ට හානි කරනු ලබන සතුන් සම්බන්ධයෙන් වන සංගණන කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කරති.
සුජීව තත්සර