උතුරු නැඟෙනහිර ප්‍රදේශවල වළ දමා තිබූ පුද්ගල නාශක බිම් බෝම්බ නවලක්‍ෂ විසිනව දහසක් ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බළකාය සහ තවත් පාර්ශ්ව විසින් ඉවත් කර ඇත.
ආරක්ෂිත කළ ප්‍රදේශය වර්ග කිලෝ මීටර් 1309 කි. නාගරික සංවර්ධන ඉදි කිරීම් නිවාස අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවට අනුව ආරක්ෂිත කළ ඉඩම් හිමිකරුවන්ට යළි පවරා දී ඇත.
2028 දී අවදානම් ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීම ආරක්ෂිත කිරීමට පියවර ගෙන ඇති අතර දේශීය සිවිල් සංවිධාන දෙකක් සහ විදේශීය සිවිල් සංවිධාන 02ක් බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයයි.
2009 වසරේ දී තිස් වසරක ශාපලත් යුද්ධය අවසන්වීමත් සමග උතුරු නැගෙනහිර වළ දමා තිබූ බිම් බෝම්බ, පුද්ගල නාශක බෝම්බ ඉවත් කිරීම ආරම්භ කරනු ලැබීය. 2645ක ශ්‍රම බළකායක් බිම් බෝම්බ ඉවත් කිරීමට ඒක්වී සිටින බව ඒම වාර්තාවේ සඳහන් වෙයි.
වර්ග කිලෝ මීටර් 1309 ප්‍රදේශයක පුපුරන ද්‍රව්‍ය ඉවත් කර ආරක්ෂිත කර තිබෙන අතර ආරක්ෂිත කිරීමට හඳුනාගෙන ඇති වර්ග කිලෝ මීටර් 22ක වළ දමා ඇති බිම් බෝම්බ ඉවත් කිරීම 2028 වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇත. හඳුනා ගත් පුපුරා නොගිය ස්ථාන 157084 ක වළ දමා තිබූ බෝම්බ විනාශ කර ඇත.
යුද ටැංකි නාශක බෝම්බ 2256ක් හා සුළු පතරොම් 1272170ක් විනාශ කළ බවත් පුද්ගල නාශක බෝම්බ සහ සෙසු පුපුරන ද්‍රව්‍ය ඒ අතර වන බවත් අමාත්‍යංශය නිකුත් කර තිබෙන වාර්තාවකින් කියයි.
උතුරු නැගෙනහිර අවදානම් ප්‍රදේශ ආරක්ෂිත කිරීමේ මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 250කට අධික මුදලක් සිවිල් සංවිධාන විසින් සපයා තිබෙන බව ද අමාත්‍යාංශය කියයි.
නිමල් ගුණතිලක