සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ලබන 16 වැනිදා සිට දිනපතා සිදු කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව කමිටුව පෙරවරු 9.30 සිට එම කටයුතු කිරීමට ද තීරණය කර ඇති අතර චෝදනාවලට අදාළව වාචික සාක්ෂි කැඳවීම එළඹෙන 11 වැනිදා සිදු කිරීමට තීරණය කර තිබේ.
මෙම කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් මෙන්ම විනිසුරු ඩබ්ලිව්. එම්. එන්. පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් යුතුවේ.