දොළොස් දහසක් මහරහතුන් වහන්සේලා වැඩ සිටි ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන පොසොන් පූජෝත්සවය මෙම 9, 10, 11 යන දිනයන්හිදී පැවැත්වේ.
මෙම ඓතිහාසික පුදබිමේ උපාලි සමූහ ව්‍යාපාරය මගින් වාර්ෂිකව සිදුකරන විදුලි ආලෝක පූජාව මෙවර ද 38 වැනි වරටත් පැවැත්වෙන අතර එය විවෘත කිරීම උපාලි සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්ගම මහතා විසින් සිදුකරනු ලබයි.
දායක සභාවේ උප සභාපති උපාලි සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ධම්මික ආටිගල, දායක සභාවේ සභාපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පින්වතුන් පිංකමට සහභාගි වෙති. මේ අතර කුඩා සිතුල්පව්වේ විදුලි ආලෝක පූජාව ද මෙවර සිදු කෙරෙන අතර එය මාතලේ ඩයනා බිස්කට් අනුග්‍රහයෙන් සිදුවන බව සිතුල්පව්ව රජමහ විහාරාධිකාරි ශාස්ත්‍රපති ලේල්වල සමිත හිමියෝ පැවසූහ.
පොසොන් පොහෝදින දවස පුරා ශීල සමාදානය, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, බෝධි පූජා, භාවනා, බෝධි පූජා වැඩසටහන් ද එදින සජීව රාත්‍රි පරිත්‍රාණ ධර්ම දේශනාව ද පැවැත්වේ.
මේ අතර සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ වැඩ සිටි දොළොස් දහසක් මහ රහතන් වහන්සේලා හා එවකට වැඩ විසූ භික්ෂුන් වහන්සේලා සම්බන්ධ කතා, පුවත් බණ කතා එකතුවක් ඇතුළත් කර විහාරාධිකාරි ලේල්වල සමිත හිමියන් විසින් සම්පාදිත ‘සිතුල්පව්වේ බණ කතා’ ග්‍රන්ථය දොරට වැඩුම ද පොසොන් පොහෝදා ප.ව. 5.00ට සිදුකෙරේ.