සුමන්දිරන්ගේ ප්‍රකාශයන් අනුව උතුරේ ඉඩම්වලට මධ්‍යම රජයට කිසිදු අයිතියක් නොමැති බව පෙනීයන බව හිටපු ඇමැති සරත් වීරසේකර මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පෙරේදා (29 දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී හිටපු ඇමැති සරත් වීරසේකර මහතා මෙසේද පැවසීය.
“අපි දැක්කා පෙරේදා (29 දා) මාධ්‍ය තුළින් ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ ලේකම් සුමන්දිරන් මහතා අරුම පුදුම ප්‍රකාශයක් කරනවා. එතුමා ප්‍රකාශ කරනවා ඉඩම් අමාත්‍යාංශය විසින් නිකුත් කරපු ගැසට් පත්‍රයක් අවලංගු කරන ලෙස රජයට දැන්වූවා. එය තාවකාලිකව අත්හිටවූ නිසා රජයට ස්තූති කරනවා කියලා. ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනතේ හතරවැනි වගන්තිය යටතේ තමයි මේ ගැසට් එක නිකුත් කරලා තිබෙන්නේ. සුමන්දිරන්ලා කියන්නේ මධ්‍යම රජයට කිසිම අයිතියක් නැහැ ඔවුන්ගේ ඉඩම්වලට බලපෑම් කරන්න. මෙයට රජය අවනත වෙනවා නම් එනම් රජයත් දැනටමත් ෆෙඩරල්වෙලා කියන එක පිළිගන්න එක වක්‍රව කියන්නේ. මේ අයිටැක් කියලා කියන්නේ බෙදුම්වාදී පක්ෂයක්. මේ රට බෙදන්න එදා සිටම වලිකන පක්ෂයක්. ඔවුන් කියනවා නම් මධ්‍යම රජයෙන් නිකුත් කරන ගැසට් එක අවලංගු කළ යුතුයි, නැතිනම් තාවකාලිකව අත්හිටුවිය යුතුයි කියලා තර්ජනය කරනවා. ඔහු කියා සිටිනවා ඔවුන් උද්ඝෝෂණය කරනවා කියලා ඉතා පැහැදිලිව. එයට රජය යටත්වෙනවා කියන්නේ මේ රජය උතුරේ ඉඩම් ඔවුන්ට අවශ්‍ය පරිදි පරිභෝජනය කරන්න, පවරාගන්න ඉඩදෙනවා කියලා කියන්නේ. ඒ වගේම සුමන්දිරන් ප්‍රකාශ කර සිටිනවා මෙය සංහිඳියාවට බාධාවක් කියලා. 1980 ගණන් වනවිට උතුරේ හිටියා විසිපන්දාහකට වඩා සිංහල පවුල්. පහළොස්දාහකට වඩා සිටියා මුස්ලිම් පවුල්. ඒ පිරිස එළවලා දැම්මා. එහෙනම් ඒ පිරිසව නැවත පදිංචි කරවන්න ඕන. ඔවුන්ගේ පරම්පරාගත ඉඩම් නැවත ඒ පිරිසට දෙන්න ඕන. නියම සංහිඳියාව කියන්නේ එයයි. ඒවගේ එකක් නැතිව දැන් මේ අනවසරෙන් ඉන්න ඉඩම්වල ඔප්පු නැත්නම් රජයට පවරාගන්න එක මුළු ලංකාවේම කරනවා නම් උතුරේ පමණක් එය සිදු කරන්න දෙන්නේ නැතිනම් උතුර දැනටමත් අපිට අහිමිවෙලාද කියලා රජයෙන් අහන්නේ.
කන්කසන්තුරේ තිබෙන තිස්ස විහාරයේ ඒ දවස්වල හැම පෝයකටම හමුදාවේ පිරිස සිල් ගන්නවා. පිංකම් කරනවා. අද ඒ කිසිදු පිංකමක් සිදුකරන්න දෙන්නේ නැහැ. බෙදුම්වාදී දෙමළ පුද්ගලයෝ තුන් හතර දෙනෙක් පැමිණිලා ඒවට බාධා කරනවා. නමුත් රජය එයට කිසිදු පියවරක් ගන්නේ නැහැ. මේ ප්‍රශ්නය පිළිබඳව අපේ රජය තිබෙන අවස්ථාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කමිටුව මඟින් මේ අදාළ නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවලා මෙයට යම්කිසි තීරණයක් ගත්තා. මෙහි මිනුම් නැවත කරන්න කියලා. 2024 මේ ප්‍රශ්නය විසඳලා ඉවරයි. ඇයි මේ රජය තවමත් කල්මරමින් සිටින්නේ. මේ රට දැනටමත් ෆෙඩරල් වෙලාද? උතුර ඔවුන්ට ලබාදීලාද? හැම පිංකමක්ම කරන විට බාධා කරනවානම් ඔවුන්ව වහාම අත්අඩංගුවට අරගෙන, නඩුදාලා ඔවුන්ට දඬුවම් දෙන්නේ නැතිව කුමක්ද මේ කරන දෙය කියලා අපි රජයෙන් අහනවා.
සිංහල අපි කවදාවත් දකුණේ තිබුණ කෝවිලක උත්සවයකට බාධා කර තිබෙනවාද? එහෙම නැහැ. මේ සිංහල බෞද්ධයන්ගේ ඉවසීමද මේ නිවටකමක් හැටියට සලකන්නේ? එයට යම්කිසි සීමාවක් තිබෙනවා. ඒ නිසා මේක වහාම නවත්වලා මිනුම් කටයුතු කර තිබෙන අනුව ඒ ප්‍රශ්නය වහාම විසඳලා මේ තිස්ස විහාරයට සාමාන්‍ය ආකාරයට ආගමික කටයුතු කරන්න ඉඩදෙන්න කියලා රජයෙන් ඉල්ලා සිටිනවා.
අපි තවම ඉන්දු ලංකා ආරක්ෂක ගිවිසුම පිළිබඳව දන්නේ නැහැ. එහි අහිතකර ප්‍රතිපල දැන් දැන්ම අපට පේන්න තිබෙනවා. විදේශයෙන් එන බුද්ධි තොරතුරු 40%ක්ම පමණ එන්නේ ඉන්දියාවෙන්. ඒ වගේම 60%ක් පමණ පැමිණෙන්නේ වෙනත් රටවලින්. දැන් මේ ගිවිසුමෙන් පසු 60%ක් එන විදේශීය බුද්ධි තොරතුරු දැන් ටික ටික පසුගාමී බවක් දක්වනවා. එය අපේ ජාතික ආරක්ෂාවට ඉතාම බරපතළ ලෙස බලපාන කරුණක්.
එරික් ගාමිණී ජිනප්‍රිය