වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව හෙට (04දා) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 0.55 ප්‍රතිශතයකින් බස් ගාස්තු අඩුවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය ‘දිවයින’ට පැවසුවාය.
ජූලි මස 01 වැනිදා සිට වාර්ෂික බස් ගාස්තු සියයට 2.5කින් පහළ දමන බව කොමිසම මීට පෙර ප්‍රකාශ කර තිබිණි. ඉන්ධන මිල සංශෝධනයත් සමග ඩීසල් මිල රුපියල් 15කින් ඉහළ ගිය අතර නව ඉන්ධන මිල ගැළපුමට අනුව බස් ගාස්තු අඩු කළ හැක්කේ මෙම ප්‍රතිශතයෙන් බව නයෝමි මහත්මිය පැවසුවාය.
නව බස් ගාස්තු සංශෝධනය යටතේ සාමාන්‍ය සේවා අවම බස් ගාස්තුව වන රුපියල් 27, දෙවන ගාස්තු අවස්ථාව වන රුපියල් 35 මෙන්ම රුපියල් 45 ගාස්තුවේ වෙනසක් සිදුව නැත.
නව ගාස්තු සංශෝධනයට අනුව රුපියල් 56, 77, 87, 117, 136, 141 ඇතුළු ගාස්තු අවස්ථා කීපයක් අඩුව ඇත්තේ රුපියලකිනි.
ඊට අමතරව සෙසු ගාස්තු අවස්ථා රුපියල් 2, 3 ආදී වශයෙන් අඩු වන අතර සාමාන්‍ය සේවා උපරිම ගාස්තුව වන රුපියල් 2170 රුපියල් 11කින් අඩු වන බවද ඇය කියා සිටියාය.
මෙම බස් ගාස්තු අඩුවීම සාමාන්‍ය සේවා, අර්ධ සුඛෝපභෝගි සේවා, අධිසුඛෝපභෝගි සේවා මෙන්ම අධිවේගී මාර්ගවල සියලු බස් රථ සඳහා අදාළ වන බවද ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය වැඩිදුරටත් කීවාය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ අකිත පෙරේරා