Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: විත්තියේ විරෝධතා ඉවතට – හරක් කටා ඇතුළු 3කට එරෙහි නඩුව අගෝ. 5 විභාගයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: විත්තියේ විරෝධතා ඉවතට – හරක් කටා ඇතුළු 3කට එරෙහි නඩුව අගෝ. 5 විභාගයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ප්‍රධාන පුවත්

විත්තියේ විරෝධතා ඉවතට – හරක් කටා ඇතුළු 3කට එරෙහි නඩුව අගෝ. 5 විභාගයට

July 4, 2025
506 Views

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල කල්ලි නායකයකු යැයි කියන නඳුන් චින්තක වික්‍රමරත්න (හරක් කටා) හිටපු පොලිස් කොස්තාපල් රවිඳු සංදීප ගුණසේකර හා දිනේෂ් තරංග යන විත්තිකරුවන් තිදෙනාට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා එම නඩුව ලබන අගෝස්තු 5 වැනිදා විභාගයට ගැනීමට දින නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පැමිණිල්ලේ 9 වන සාක්ෂිකරුට සිතාසි යැවීමට නියෝග කළ විනිසුරුවරයා විත්තිකරුවන් සම්බන්ධයෙන් සිදුකළ ඇප ඉල්ලීම් ලිඛිතව ගොනු කරන ලෙසට ද විත්තියේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී 2023.09.10 වැනිදා ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියකුට පහර දී පලායෑමට තැත් කිරීම, ඒ සඳහා ආධාර අනුබලදීම ඇතුළු අධිචෝදනා 22ක් යටතේ පවරා ඇති එම නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන්නේ ද නැතහොත් නව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්නේ ද යන කරුණ නීතිපතිවරයා සමග සාකච්ඡා කොට ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

සාක්ෂි විභාගයක් පැවැත්වීමට අධිකරණය තීරණය කොට තිබියදීත් නව අධිචෝදනා පත්‍රයක් පිළිබඳව පැමිණිල්ල කරුණු දැක්වීම විත්තිකරුවන්ට කරනා බලවත් අසාධාරණයක් බව පළමු වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කපිල වෛiරත්න මහතා කීය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් භාරයේ තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින පළමු විත්තිකාර නඳුන් චින්තක වික්‍රමරත්න නමැත්තාට අවශ්‍ය පෑන් හා ලිපි ද්‍රව්‍ය ලබාදෙන ලෙස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කොට තිබියදීත් එම නියෝගය නොතකා ත්‍රස්ත විමර්ශන නිලධාරීන් කටයුතු කිරීම බලවත් අසාධාරණයක් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාලිය සමරසිංහ මහතා පැවසීය.

එම විත්තිකරුට එරෙහිව විවිධ අධිකරණ හමුවේ නඩු 25ක් පමණ ඇති බැවින් එක් එක් නඩුව සම්බන්ධයෙන් නීතිඥවරුන්ට උපදෙස් දීමට ඒවා සටහන් කර තැබීමට ඇති අවශ්‍යතාවය සලකා මහෙස්ත්‍රාත් අධිකරණය එකී නියෝග ලබාදී ඇතත් මෙම අධිකරණය එවැනි නියෝගයක් සිදුකර නොමැති බැවින් පෑනක් හෝ ලබානොදෙන ලෙසට පැමිණිල්ල මෙහෙයවන රජයේ අධිනීතිඥවරයා ත්‍රස්ත විමර්ශන නිලධාරීන්ට උපදෙස් දීම සාධාරණ නඩු විභාගයකට මුහුණදීමට ඇති අයිතියට දැඩි බාධාවක් බව නීතිඥ ජාලිය සමරසිංහ මහතා අධිකරණයට පැවසීය.

තම අධිකරණය එවැනි නියෝගයක් කර නොමැති බැවින් එම නියෝග ලබාදුන් අධිකරණය හමුවේදී එම කරුණු දක්වන ලෙසට විනිසුරුවරයා විත්තියේ නීතිඥවරයාට පැවසීය. විත්තිකරුවන් දැඩි ආරක්ෂාවක් යටතේ අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රධාන පුවත්

බූස්සෙන් එස්.ටී.එෆ්. ඉවත් කරන්න!

ප්‍රධාන පුවත්

කොළඹ රෝහලකදී ඇල්ලූ කුරුළු උයනේ හිමිකරු රිමාන්ඩ්

ප්‍රධාන පුවත්

අවසරයි මහ රජතුමනි මම ජනපති අනුර…

ප්‍රධාන පුවත්

අයථා වත්කම් නඩුවට කෙහෙළිය ඇතුළු පවුලේ 6කට අධිචෝදනා භාරදෙයි

ප්‍රධාන පුවත්

හුදෙකලා උපකරණ බෙදීම් වෙනුවට සංගම් සමග එකතුවී ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමු – ජනාධිපති අනුර කුමාර දිසානායක ක්‍රීඩා අමාත්‍යාංශයට උපදෙස් දෙමින් කියයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok