Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොළඹ නගර සභාවේ ආදායම ඉහළ නැංවීමට ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක් හදන්න ශ්‍රී ලංකාව කොරියාව සමග එකඟතාවක
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොළඹ නගර සභාවේ ආදායම ඉහළ නැංවීමට ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක් හදන්න ශ්‍රී ලංකාව කොරියාව සමග එකඟතාවක
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

කොළඹ නගර සභාවේ ආදායම ඉහළ නැංවීමට ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක් හදන්න ශ්‍රී ලංකාව කොරියාව සමග එකඟතාවක

July 4, 2025
334 Views

යල් පැනගිය ක්‍රමවේදවලින් ඉවත්වී, කොළඹ මහ නගර සභාවේ ආදායම් උත්පාදනය ඉහළ නැංවීමේ අරමුණින්, පූර්ණ ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක් නිර්මාණය කිරීමට, කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනය (KO¸CA) මෙරට රජය සමඟ එකඟතාවකට එළැඹ තිබේ.

ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 8.5ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා වූ එකඟතාව පිළිබඳ සම්මුතියට ඊයේ (03 දා) අත්සන් තැබුණි.

ඒ කොළඹ මහ නගර සභාවේ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝකබණ්ඩාර සහ කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනයේ ජාතික අධ්‍යක්ෂ ලී යූ ලී යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙනි.

අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී, පූර්ණ ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක අවශ්‍යතාව සහ වටිනාකම පිළිබඳ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ. එච්. එම්. එච්. අභයරත්න මහතා විසින් දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඔහුගේ උපදෙස් පරිදි මෙම KO¸CA ව්‍යාපෘතිය පිළිබඳ ගිවිසුමට එළඹිණි.

කොළඹ මහ නගර සභාවේ ආදායම් ප්‍රභව 76 අතරින් ඉහළම ආදායමක් උත්පාදනය කරන්නේ වරිපනම් බදු (Property Tax), බලපත්‍ර ගාස්තු (License Tax), වෙළෙඳ බදු (Trade Tax) සහ මුද්දර ගාස්තු (Stamp Duty) යන ආදායම් ප්‍රභව හතරයි. එමඟින් ලැබෙන ආදායම, කොළඹ මහ නගර සභාවේ සමස්ත ආදායමෙන් 62%කි. මෙම නව ව්‍යාපෘතියෙහි පළමු අදියර යටතේ එම ආදායම් උත්පාදක ප්‍රභවයන් හතර ස්වයංක්‍රීකරණය කෙරේ. බදු ගෙවීම් යාවත්කාලීන වීම පමණක් නොව බදු ගෙවීම් පිළිබඳ තොරතුරු පද්ධතියේ ආරක්ෂිතභාවය තහවුරු වීමද මෙම ව්‍යාපෘතියෙන් අත්වන සුවිශේෂ ප්‍රතිලාභයකි.

දැනට මහ නගර සභාව තුළ ආදායම් කළමනාකරණය සඳහා භාවිත කරන්නේ MCAS (Municipal Council Accounting System) සාම්ප්‍රදායික ක්‍රමයයි. බදු පරිපාලන ක්‍රියාවලිය ස්වයංක්‍රීයකරණය කර නොමැති නිසා, එම ක්‍රමය තුළ බදු ගෙවන්නන්ට අවාසිදායක සහ අපහසු තත්ත්වයන් පැනනැගී ඇති බව නිරීක්ෂණ මඟින් හඳුනාගෙන තිබේ. එමෙන්ම මහ නගර සභාවේ වාර්ෂික තක්සේරුකරණය සහ බදු අනුපාත සෑම වසර පහකට වරක් යාවත්කාලීන විය යුතු වුවද, මෙම තත්ත්වය තුළ ඉදිරිපත් වන මහජන පැමිණිලි සඳහා සධාරණ මැදිහත්වීමක් සිදු කිරීමටද අපහසු වී ඇත. නමුත් මෙම නව ව්‍යාපෘතිය අවසානයේ සමස්ත ආදායම් පද්ධතියම ස්වයංක්‍රීය කරණය මඟින් එම ගැටලු මඟහරවා ගැනීමට අවස්ථාව ලැබේ.

දෛනිකව ස්වකීය අවශ්‍යතා සඳහා කොළඹ නගරයට පැමිණෙන ලක්ෂ 06කට ආසන්න ජනතාවට සේම ප්‍රධාන වාණිජ අග නගරය කෙන්ද්‍ර කරගනිමින් මහ නගර සභා බල ප්‍රදේශයේ පදිංචි ලක්ෂ 07කට ආසන්න ජනතාවට සේවා සපයන කොළඹ මහ නගර සභාව, වාර්ෂිකව උත්පාදනය කරගනු ලබන ආදායම රුපියල් බිලියන 15 ඉක්මවයි. එම ආදායම වර්ධනය කරගනිමින්ද, නිසියාකාරයෙන් කළමනාකරණය කරගනිමින්ද සුන්දර පුරවරයක පුනරුදයට මාවත, මෙවැනි ව්‍යාපෘති සාර්ථක කරගැනීමෙන් විවර කරගත හැකි බව රජයේ විශ්වාසයයි.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
ප්‍රධාන පුවත්

කඳාන පොලිසිය ළඟම වෙඩි පත්තු වෙයි: හිටපු ඇමැති මංගලගේ පෞද්ගලික ලේකම්ට තැබූ වෙඩිල්ලෙන් මස්සිනා මරුට

ප්‍රධාන පුවත්

ඝාතනය කෙරුණු තරුණයාගේ අවමඟුලින් පසු කහවත්තේ යුද්ධයක්

ප්‍රධාන පුවත්

අයවැයෙන් වෙන්වූ මුදලින් පොලිසියේ පහසුකම් වැඩි කරන්න – මහජන ආරක්ෂක ඇමැතිගෙන් උපදෙස්

ප්‍රධාන පුවත්

විත්තියේ විරෝධතා ඉවතට – හරක් කටා ඇතුළු 3කට එරෙහි නඩුව අගෝ. 5 විභාගයට

ප්‍රධාන පුවත්

ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවන විට ලංකාවේ මිල වැඩි වෙනවා – සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok