Tuesday, 24 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සී අයි ඩීයෙන් හරක්කටාට සැඟවුණු ආශිර්වාදයක් ලැබෙන බව හැඟුණු නිසා හරක්කටා පිළිබඳ විමර්ශන සීසීඩීයට භාරදීමට තීරණය කළා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 24 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සී අයි ඩීයෙන් හරක්කටාට සැඟවුණු ආශිර්වාදයක් ලැබෙන බව හැඟුණු නිසා හරක්කටා පිළිබඳ විමර්ශන සීසීඩීයට භාරදීමට තීරණය කළා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

සී අයි ඩීයෙන් හරක්කටාට සැඟවුණු ආශිර්වාදයක් ලැබෙන බව හැඟුණු නිසා හරක්කටා පිළිබඳ විමර්ශන සීසීඩීයට භාරදීමට තීරණය කළා

June 24, 2025
898 Views

පරීක්ෂණ කමිටුව හමුවේ පළමු වරට සාක්ෂි දෙමින් දේශබන්දු කියයි
හරක්කටා සීඅයිඩීය භාරයේ සිටියදීත් ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම ජයට කෙරුණා
ලංකාවට රැගෙන එද්දී හරක්කටා ගුවන් යානයෙන් පනින්නත් ගියා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට සිටි ඉහළ නිලධාරීන්ටත් හරක්කටාගෙන් මුදල් ලැබුණු බවට ප්‍රචාරයක් පැවැති බවත් හරක්කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදීත් ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම කිසිම අඩුවකින් තොරව ක්‍රියාත්මකවීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔහුට සැඟවුණු ආශිර්වාදයක් ලැබුණු බව පෙනීගිය බව වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (23දා) කීවේය.

එවැනි පසුබිමක් යටතේ හරක්කටා සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීම තුළින් අපේක්ෂිත අරමුණු ඉටු නොවන නිසා එම පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදීමට තීරණය කළ බව ද තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සාක්ෂි දෙමින් පැවසීය.

වැලිගම W – 15 හෝටලයේ වෙඩි තැබීමේ සිදුවීමට අදාළව වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් පත්කර ඇති පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුවේ 9 වැනි දිනය වූ ඊයේ (23දා) එම කමිටුව හමුවේ පළමුවරට සාක්ෂි ලබාදීම සඳහා දේශබන්දු තෙන්නකෝන් මහතා කැඳවා තිබුණි.

මෙහිදී දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරමින් ඒ මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ එස්. වීරවික්‍රම මහතා විමසා සිටියේ ඔබ පොලිස්පතිව සිටි සමයේ ආරම්භ කළ යුක්තිය මෙහෙයුම කාගේ තීරණයක්ද කියාය.

දේශබන්දු තෙන්නකෝන් මහතා,

‘ස්වාමීනි එවකට ජනාධිපතිව සිටි රනිල් වික්‍රමසිංහ මට කැඳවීමක් කළා. කැඳවලා මගෙන් ඇහුවා ඔබට පොලිස්පති ධුරය දුන්නොත් කුඩු නැති කරන්න මොකක්ද කරන්නේ කියලා.මම මගේ අදහස කිව්වා. එම සාකච්ඡාවට හිටපු මහජන ආරක්ෂක ඇමැතිවරයාත් සහභාගි වුණා.

ස්වාමීනි එවකට හරක්කටා කියන්නේ නමගිය අපරාධකරුවෙක්. ඔහු පුද්ගලික ජෙට් යානා පවා භාවිත කරමින් රටින් රටට යනවා. ඔහුගේ අනුගාමිකයන් විශාල පිරිසක් මේ රට තුළ පවා ඉන්නවා. ඒ අනුගාමිකයන් යොදවලා ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම ශ්‍රී ලංකාව තුළ කරගෙන යනවා.

අපි හරක්කටා අත්අඩංගුවට ගෙන ලංකාවට අරන් එද්දී අපිට විශාල බලපෑමක් ආවා ඔහුව මෙරටට ගේන්න එපා කියලා. ඔහු ගුවන්යානය තුළ කලබල කළා. ගුවන්යානයෙන් පනින්නත් ගියා. ඔහුගේ ඒ හැසිරීම නිසා අපිට ඔහු මෙහෙට රැගෙන එද්දී ඉන්දියාවෙන් යානය ගොඩබස්සන්නත් සිදුවුණා.

ස්වාමීනි හරක්කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියා. හැබැයි ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කිසිම අඩුවක් නැතිව එලෙසම ක්‍රියාත්මක වුණා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔහුට සැඟවුණු ආශිර්වාදයක් ලැබුණු බවට පෙනී ගියා.

නීතිඥ එස්. වීරවික්‍රම මහතා,

2023 නොවැම්බර් 30 වැනිදා ඔබ වැඩබලන පොලිස්පති ලෙස පත්වූ පසු හරක්කටා සම්බන්ධයෙන් විමර්ශන කළාද?

දේශබන්දු තෙන්නකෝන් මහතා,

ඔව් ස්වාමීනි. ඔහුගේ ගෝලබාලයන් සම්බන්ධයෙන් සෙවීමට ජංගම දුරකථන අංක 3ක් ඔස්සේ විමර්ශන පවත්වලා තිබුණා. ඔහු සමග දුරකථනයෙන් සම්බන්ධ වූ පුද්ගලයන්ගේ නම් තමයි එහි තිබුණේ. එම ලැයිස්තුව මම අදාළ නිලධාරීන්ගෙන් ලබාගත්තා. එය ලබාදුන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ ප්‍රසන්න අල්විස් මහතා. ඔහු ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂ නෙවිල් සිල්වා ඇතුළු පිරිසක් එම අවස්ථාවේදී සාකච්ඡාවකට පැමිණියා. එහිදී තමයි මට අදාළ ලැයිස්තුව ලැබුණේ.

නීතිඥ එස්. වීරවික්‍රම මහතා,

එම සාකච්ඡාව රහස් සාකච්ඡාවක් ද නැත්නම් නීත්‍යානුකූල සාකච්ඡාවක් ද?

දේශබන්දු තෙන්නකෝන් මහතා,

එම සාකච්ඡාව රාජකාරි වේලාව තුළ කැඳවා තිබුණු නීත්‍යානුකූල සාකච්ඡාවක්.

මෙම සාකච්ඡාවේදී මට 149 දෙනකුගේ නම් හා දුරකථන අංක ඇතුළත් ලැයිස්තුවක් ත්‍රස්ත විමර්ශන අංශයේ හිටපු අධ්‍යක්ෂ ප්‍රසන්න අල්විස් මහතා ලබාදුන්නා.

නීතිඥ එස්. වීරවික්‍රම මහතා

අදාළ නම් ලැයිස්තුවට ඔබ මොකද කළේ?

දේශබන්දු තෙන්නකෝන් මහතා,

ස්වාමීනි, එහිදී මම කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට වාචිකව උපදෙස් දුන්නා ලැයිස්තුව සම්බන්ධයෙන් විමර්ශනය කරලා නීතිමය කටයුතු කරන්න කියලා.

නීතිඥ එස්. වීරවික්‍රම මහතා,

ඇයි එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන්නේ නැතුව කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දුන්නේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා,

ස්වාමීනි, එවකට ක්‍ෂෘ එකේ හිටපු ලොකු ලොකු අයට හරක්කටාගෙන් මුදල් යනවා කියලා ප්‍රචාරයක් තිබුණා. ඔවුන් හරක්කටාගේ අනුගාමිකයන් අත්අඩංගුවට ගත්තේ නැහැ. ඔවුන්ව අත්අඩංගුවට ගන්න බැරි වුණා. ඒ නිසා ක්‍ෂෘ යට දීලා අපේක්ෂිත අරමුණ ඉටුවන්නේ නැහැ කියලා දැනගත්ත නිසා මෙම පරීක්ෂණ කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට භාර දුන්නා.

විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා,

කොළඹ අපරාධ කොට්ඨාසයට අදාළ බල ප්‍රදේශය කුමක්ද?

දේශබන්දු තෙන්නකෝන් මහතා,

ස්වාමීනි, ඔවුන් වැඩ කරන්නේ කොළඹ ප්‍රදේශයේ. හැබැයි පොලිස්පතිගේ උපදෙස් මත පිට පළාත්වලට යන්නත් හැකියාව තිබෙනවා.

නීතිඥ එස්. වීරවික්‍රම මහතා,

දුරකථන අංක ඇතුළත් වාර්තාව වැඩබලන අධ්‍යක්ෂවරයාට දීලා ඔබ පැවසූයේ කුමක්ද?

දේශබන්දු තෙන්නකෝන් මහතා,

ස්වාමීනි එම දුරකථන අංකවලට අදාළ පුද්ගලයන් හරක්කටා සමග කතාකර තිබෙන්නේ ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම හෝ අපරාධ සම්බන්ධයෙන් නම් ඒ පිළිබඳ විමර්ශනය කරලා ඒ 149 දෙනාගේම වාර්තාවක් ලබාදෙන ලෙස උපදෙස් දුන්නා.

නීතිඥ එස්. වීරවික්‍රම මහතා,

එම ලැයිස්තුවේ ඇතුළත් පුද්ගලයන් වැඩි වශයෙන් සිටියේ කුමන ප්‍රදේශවලද?

දේශබන්දු තෙන්නකෝන් මහතා,

ඔවුන් මාතර, වැලිගම, පැලෑන, මිරිස්ස යන ප්‍රදේශවල සිටියේ. ඔවුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට අවශ්‍ය සම්පත් ලබාගන්න කියලා මම ඔහුට වාචිකව අනුමැතිය දුන්නා.

කමල් බෝගොඩ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

June 22, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

June 20, 2025

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

June 22, 2025

ඉරානයේ බැලස්ටික් මර්දනයට ඊශ්‍රායලයට ඇරෝ මිසයිල හිඟ වෙයි

June 20, 2025
Related News
ප්‍රධාන පුවත්

ඒෂියා මිරකල් සම්මාන උලෙළේ දී ‘දිවයින’ පුවත්පතට සම්මාන ත්‍රිත්වයක්

ප්‍රධාන පුවත්

ඇමරිකාවට අපේ වෙලාවට ප්‍රතිචාරය දෙනවා – ඉරානය කියයි

ප්‍රධාන පුවත්

හෝමූස් වැසුවොත්… හැම මොහොතක්ම දැන් තීරණාත්මකයි

ප්‍රධාන පුවත්

හිටපු ආරක්‍ෂක ප්‍රධානියකුගේ හා දේශපාලනඥයන් 26 දෙනාගේ සියලු දේපළ වත්කම් සොයයි

ප්‍රධාන පුවත්

කළුතර – මාතලේ හා ප්‍රා. සභා 6 ක් මාලිමාවට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok