Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඇමරිකාවට අපේ වෙලාවට ප්‍රතිචාරය දෙනවා – ඉරානය කියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඇමරිකාවට අපේ වෙලාවට ප්‍රතිචාරය දෙනවා – ඉරානය කියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ඇමරිකාවට අපේ වෙලාවට ප්‍රතිචාරය දෙනවා – ඉරානය කියයි

June 24, 2025
3523 Views

ඉරානයට පහරදීමත් සමග ආසියාවේ තෙල් මිල ඉහළට
තෙල් මිල ඉහළ යෑමෙන් ඇමරිකාවත් අර්බූදයක

ඉරානයට එරෙහි ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් පසුව ලොව පුරා සිටින ඇමරිකානුවන්ට අවධානයෙන් පසුවන ලෙස සඳහන් කරමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. “විදේශයන්හි සිටින ඇමෙරිකානුවන්ට සහ ඔවුන්ගේ කටයුතුවලට විරෝධතා එල්ල විය හැකියි. ලොව පුරා සිටින ඇමෙරිකානු පුරවැසියන්ට වැඩි අවධානයකින් පසුවන ලෙස රාජ්‍ය දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි” යනුවෙන් එහි සඳහන් වේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීම අමතමින් ඉරාන දූත මණ්ඩල ප්‍රධානී අමීර් සයීඩ් එර්වානි ප්‍රකාශ කර තිබුණේ ඉරානයට එරෙහි ඇමරිකානු ප්‍රහාරයට සම්පූර්ණ ප්‍රතිචාරයක් ලබාදෙන බවත් එහි වේලාව සහ ස්වභාවය ඉරාන හමුදා විසින් තීරණය කරනු ඇති බවත්ය. මේ අතර ටෙහෙරානයේ පාලන තන්ත්‍ර වෙනසක් ගැන කතා කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ වත්මන් ඉරාන රජය රට ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ නැත්නම් පාලන තන්ත්‍ර වෙනසක් නොකරන්නේ මන්ද යන්න ප්‍රශ්නයක් බවයි.

ඇමරිකානු ප්‍රහාර නිසා ඉරානයේ බලාගාර වෙත සිදුවූ හානිය සම්බන්ධයෙන් තවමත් අවිනිශ්චිතතාවක් පවතී. ඇමෙරිකානු ප්‍රහාර ‘න්‍යෂ්ටික බෝම්බයක් ’ නිපදවීමට ඉරානයට තිබුණු හැකියාව නැති කළ බව ජනපති ට්‍රම්ප් පවසන නමුත් ෆෝඩෝ බලාගාරයේ වත්මන් තත්ත්වය කුමක්දැයි තීරණය කළ නොහැකි බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය පවසයි.

ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමත් සමග ආසියානු වෙළෙඳපොළේ තෙල් මිල මාස පහකින් වාර්තාවූ ඉහළම අගය එනම් ඩොලර් 79 ට ළඟාවී තිබිණි. ඉරානය ලොව නවවන විශාලතම තෙල් නිපදවන රටවන අතර දිනකට බැරල් මිලියන 3.3 ක් පමණ නිෂ්පාදනය කරයි. ඉරාන ප්‍රහාරයෙන් පසුව ඇමරිකානු ආර්ථිකය නැවතත් අර්බුදයට ලක්වන බව සී.එන්.එන්. වාර්තා කර තිබිණි. ඒ තෙල් මිල ඉහළ යෑමත් සමග භාණ්ඩ හා සේවා මිල යාමෙනි.

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇමරිකානු ආරක්ෂක අංශ සෙනසුරාදා කළ මෙහෙයුම ‘ඔපරේෂන් මිඩ්නයිට් හැමර්’ ලෙස හඳුන්වා තිබේ. ඒ සඳහා බී – 2 බෝම්බ හෙළන යානා ඇතුළුව ප්‍රහාරක ගුවන් යානා 125 කට වැඩි ප්‍රමාණයක් යොදාගෙන තිබුණි. සමහර බී -2 යානා මිසූරි හි කඳවුරක සිට පැසිෆික් සාගරය හරහා බටහිරට පියාසර කර තිබිණි. එය රැවටීමේ මෙහෙයුමකි. ඉරානයට පහර දෙන බී – 2 යානා අත්ලාන්තික් සාගරය හරහා නැගෙනහිරට පියාසර කර ගුවනේදී ඉන්ධන පුරවා, පසුව සෙසු ප්‍රහාරක ගුවන් යානා සමග එක්වී ප්‍රහාර එල්ල කර ඇත.

ඉරාන ගුවන් සීමාවට පැමිණි ඇමරිකානු ගුවන් යානාවලට කිසිම ප්‍රහාරයක් එල්ල නොවීම විශේෂයකි. ඉරාන හමුදාව ඇමරිකානු යානාවලට එරෙහිව මිසයිල ප්‍රහාර එල්ල කළේ නැත. ඇමරිකානු ගුවන් ප්‍රහාර මිනිත්තු 25 ක් තිස්සේ ක්‍රියාත්මක විය. බී – 2 සුපිරි ප්‍රහාරක යානා හතක් මේ සඳහා සහභාගී වී තිබේ.

බංකර් බස්ටර් බෝම්බ 14 ක් ඉරානයේ ෆෝඩෝ සහ නැටන්ස් න්‍යෂ්ටික බලාගාර මත හෙළු බව ඇමරිකාව කියයි.

ඇමෙරිකානු බෝම්බ ප්‍රහාරවලින් පසු ඉරාන න්‍යෂ්ටික පරිශ්‍රයේ ආවාට සෑදී ඇති බව චන්ද්‍රිකා ඡායාරූපවලින් හෙළිව තිබේ. ජුනි 22 වැනිදා මැක්සාර් ටෙක්නොලොජීස් වෙතින් ලබාගත් ඡායාරූපවල නව ආවාට හයක් දක්නට ඇත. මේවා බොහෝ විට ඇමෙරිකානු බෝම්බ එල්ල කරන ලද ස්ථාන මෙන්ම ප්‍රහාර හේතුවෙන් කඳු බෑවුමේ ආශ්‍රිතව විසිරී ඇති අළු දූවිලි සහ සුන්බුන්වලින් දැක ගත හැකි වෙයි.

මේ අතර බටහිර, නැගෙනහිර සහ මධ්‍යම ඉරානයේ ඉරාන ගුවන්තොටුපළ හයකට පහර දුන් බව ඊශ්‍රායල හමුදාව සඳුදා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.

චතුර පමුණුව

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රවි කටකයට

July 13, 2025

අනුරාධපුර ගොස් තලගොයින් ද මැරීම!

July 12, 2025
Related News
ප්‍රධාන පුවත්

හම්බන්තොට කුරුලු උයනේ වාහන රජදහනක්

ප්‍රධාන පුවත්

නිදහස් කරගැනීමට නොහැකිව ආනයනය කළ වාහන දහසක් මාස 2ක් තිස්සේ වරායේ හිරවෙලා!

ප්‍රධාන පුවත්

ලුස් පොල්තෙල් අලෙවිය නතර කිරීමට කැබිනට් පත්‍රිකාවක්

ප්‍රධාන පුවත්

‘අහෝ දුකකි: පිරමීඩ උගුලකි’ – මහ බැංකුවෙන් දැනුවත් කිරීමේ සතියක්

ප්‍රධාන පුවත්

බදු අඩු කරගත් අයුරින් ඇමෙරිකාව සමග දිගටම සාකච්ඡා කර තවත් සහන ලබා ගන්නවා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok