අවධානයෙන් ඉන්න!
රාජ්‍ය දෙපාර්තමේන්තුව ඇමෙරිකානුවන්ට අනතුරු අඟවයි
ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වැහුවොත් තෙල් නැව් ගිහින් හමාරයි !
චීනය මැදිහත්ව වැළැක්විය යුතුයි
ඇමරිකානු රාජ්‍ය ලේකම් කියයි

ඉරානය විසින් ලෝකයේ වැදගත්ම නැව් මාර්ගවලින් එකක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම වැළැක්වීම සඳහා චීනය මැදිහත්ව යම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රකාශ කර තිබේ.
චීනය ලොව විශාලතම ඉරාන තෙල් ගැනුම්කරු වන අතර ටෙහෙරානය සමඟ සමීප සබඳතාවක් පවත්වාගෙන යයි.
“බීජිං ආණ්ඩුව ඉරානය සමග මේ ගැන කතා කරලා යම් එකඟතාවකට එයි කියලා මම හිතනවා. මන්ද චීනය තමන්ට අවශ්‍ය තෙල් ආනයන සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය මත දැඩි ලෙස රඳා පවතින නිසා”යැයි මාර්කෝ රුබියෝ ඉරිදා ෆොක්ස් නිවුස් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සිය ආර්ථිකයට වඩා අනෙකුත් රටවල ආර්ථිකයන්ට බෙහෙවින් හානිකර බව ද ඇමරිකානු රාජ්‍ය ලේකම් කියයි. ලෝකයේ තෙල් නැව්වලින් 20% ක් පමණ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරයි.
චතුර පමුණුව