කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ඊයේ (23) රාත්‍රියේ පැවති ඒෂියා මිරකල් සම්මාන උලෙළේ දී ‘දිවයින’ පුවත්පත සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබීය.
මේ අනුව දිවයින ඉරිදා සංග්‍රහයේ නියෝජ්‍ය කර්තෘ බූලිත ප්‍රදීප් කුමාර මහතා වසරේ හොඳම විශේෂාංග රචකයාට හිමි සම්මානයෙන්ද, දිවයින මූල්‍ය සහ ආර්ථික කර්තෘ ශ්‍යාම් නුවන් ගනේවත්ත මහතා වසරේ හොදම ආර්ථික පුවත් විශ්ලේෂකයාට හිමි සම්මානයෙන් සහ ‘දිවයින’ නියෝජ්‍ය ප්‍රධාන උපකර්තෘ සහ ‘උරුමය’ කවි පිටුවේ සංස්කාරක අනුරාධ හිරිපිටියගේ පුවත්පත්වල වසරේ හොඳම කවියාට හිමි සම්මානයෙන්ද පිදුම් ලැබීය.
ඡායාරූපවලින් දැක්වෙන්නේ බූලිත ප්‍රදීප් කුමාර, ශ්‍යාම් නුවන් ගනේවත්ත සහ අනුරාධ හිරිපිටියගේ යන මහත්වරුන් සම්මානයට පාත්‍ර වූ අයුරුයි.


