පසුව කැඳවා උපයාගත් ආකාරය අසනවා
නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය
හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියාට සහ ප්‍රබල දේශපාලනඥයන් 26 දෙනාට අයත් මෙරට පිටරට බැංකු ගිණුම්, ව්‍යාපාර, ඉඩකඩම්, නිවාස, යාන වාහන, රන් ආභරණ ඇතුළු සියලුම චංචල නිශ්චල දේපළ සොයා නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය විමර්ශන ආරම්භ කර තිබේ.
හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියාගේ සහ දේශපාලනඥයන් 26 දෙනාගේ සියලුම දේපළ සම්බන්ධ සවිස්තරාත්මක වාර්තාවක් ලබාගෙන ඉන් අනතුරුව ඔවුන් නීති විරෝධී වත්කම් පවරා ගැනීමේ ඒකකය වෙත කැඳවා එම දේපළ උපයාගත් ආකාරය පිළිබඳව ප්‍රශ්න කරන බව උසස් නිලධාරියෙක් කියා සිටියේය.
උපයාගත් ආකාරය හෙළිකිරීමට අපහසු දේපළ සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර පසුව ඒවා රජයට පවරා ගැනීමේ කටයුතු ක්‍රියාත්මක කරන බවද එම නිලධාරියා කියා සිටියේය.
මේ අතර මෙම දේශපාලනඥයන්ගේ සමීපතම පවුලේ සාමාජිකයන්ගේ දේපළ සහ බැංකු ගිණුම් සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය පවසයි.
හේමන්ත රන්දුණු