Tuesday, 24 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කළුතර – මාතලේ හා ප්‍රා. සභා 6 ක් මාලිමාවට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 24 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කළුතර – මාතලේ හා ප්‍රා. සභා 6 ක් මාලිමාවට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

කළුතර – මාතලේ හා ප්‍රා. සභා 6 ක් මාලිමාවට

June 24, 2025
562 Views

හම්බන්තොට-බුත්තල- අඹන්ගඟ කෝරළේ සජබට

බහුතර බලයක් නොලැබුණු පළාත් පාලන ආයතන කිහිපයක නිලවරණ ඊයේ (23දා) පැවැති අතර එහිදී මහ නගර සභා දෙකක හා ප්‍රාදේශීය සභා දෙකක බලය ජාතික ජන බලවේගයටත් එක් මහ නගර සභාවක හා ප්‍රාදේශීය සභා දෙකක බලය සමගි ජන බලවේගයටත් හිමි විය.

ඒ අනුව කළුතර හා මාතලේ මහ නගර සභා හා නවගත්තේගම හා මිල්ලනිය ප්‍රාදේශීය සභා ජාතික ජන බලවේගයටත් හම්බන්තොට මහ නගර සභාව, අඹන්ගඟකෝරලේ හා බුත්තල ප්‍රාදේශීය සභා දෙක සමගි ජන බලවේගයටත් හිමි විය.

දැරණියගල ප්‍රාදේශීය සභාවේ විපක්ෂය සභාවෙන් පිටව යෑම හේතුවෙන් සභාවේ ගණ පූර්ණය නොමැති වීම නිසා ඡන්ද විමසීම කල් තබනු ලැබීය.

කළුතර මහ නගර සභාවේ නගරාධිපති තනතුරට ජාතික ජන බලවේගයේ ධනුජ හෙට්ටිආරච්චි මහතා 17 – 13 ක් වශයෙන් ද ඡන්ද ලබාගෙන තේරී පත්විය.

ඒ ඊයේ කළුතර මහ නගර සභාවේ නව පොදු වෙළෙඳ සංකීර්ණ රැස්වීම් ශාලාවේදී සිදුකළ ඡන්ද විමසීමෙන් පසුවය.

බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා කල්හාරී ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් එය සිදුකරන ලදී. කළුතර මහ නගරාධිපති තනතුර සඳහා සජබ මන්ත්‍රී වීරසිංහ සුමිත් අර්ඩ්ලි ද සිල්වා සහ ජාජබ මන්ත්‍රී එස්.එච්.ඩී. එන්. සෝමරත්න යන මන්ත්‍රීවරුන් ගේ නම් යෝජනා විය.

රහස් ඡන්දයක් ද විවෘත ඡන්දයක් ද යන්න සම්බන්ධයෙන් බස්නාහිර පළාත් කොමසාරිස්වරිය ඉදිරියේ ඡන්දය විමසන ලදී.

එහිදී රහස් ඡන්දයක් පැවැත්වීමට ඡන්ද 16 ක් සහ විවෘත ඡන්දයක් පැවැත්වීමට ඡන්ද 14ක් ලබාදී ඇති බව බස්නාහිර පළාත් කොමසාරිස්වරිය සභාවට දන්වන ලදී. එක් ඡන්දයක් ප්‍රතික්ෂේප වී තිබුණි. ඉන්පසු පැවති රහස් ඡන්දයේදී සජබ සුමිත් ආර්ඩ්ලි සිල්වා මන්ත්‍රීවරයා ඡන්ද 13ක් ලබාගෙන ඇති බවත් ධනුජ සෝමරත්න මහතා ඡන්ද 17 ක් ලබාගෙන ඇති බවත්, එක් ඡන්දයක් ප්‍රතික්ෂේප වී ඇති බවත් කොමසාරිස්වරිය සභාවට දන්වන ලදී.

ඉන්පසු නියෝජ්‍ය නගරාධිපති තනතුරට මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී අමීර් නසීර් සහ ස්වාධීන මන්ත්‍රී සුකුමාල් පෙරේරා මන්ත්‍රීවරයා ගේ නම් යෝජනා විය. එය ද රහස් ඡන්දයක් ද විවෘත ඡන්දයක් ද යන්න විමසීමට ඡන්දයක් විමසූ අතර ඡන්ද 17 ක් රහස් ඡන්දයක් ඉල්ලා ද, 13ක් විවෘත ඡන්දයක් ඉල්ලා ද ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

පසුව පැවති ඡන්ද විමසීමෙන් පසු ස්වාධීන මන්ත්‍රී සුකුමාල් පෙරේරා මන්ත්‍රීවරයා ඡන්ද 16ක් ද, අමීර් නසීර් මන්ත්‍රීවරයා ඡන්ද 14ක් ද ලබාගෙන ඇති බවත්, එක් ඡන්දයක් ප්‍රතික්ෂේප වී ඇති බවත් කොමසාරිස්වරිය සභාවට දැනුම් දෙන ලදී.

ඒ අනුව ස්වාධීන මන්ත්‍රී සුකුමාල් පෙරේරා මන්ත්‍රීවරයා නියෝජ්‍ය නගරාධිපති තනතුරට පත්විය.

වයඹ පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් සභාපති සහ උප සභාපතිවරුන් තෝරා ගැනීමේදී නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය පක්ෂයේ දුලංග නිශාන් දිසානායක මහතා පත්වූ අතර උප සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගය පක්ෂයේ තරංග රාජපක්ෂ මහතා පත්විය.

නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ සභා ශාලාවේදී 23 වෙනිදා පෙරවරුවේ මෙම ඡන්ද විමසීම සිදු විය. මෙහිදී සභිකයින් රහස් ඡන්දයක් භාවිතා කරන ලදී.

නවගත්තේගම ප්‍රාදේශීය සභාව සඳහා ජාතික ජන බලවේගය පක්ෂයෙන් සභිකයින් 07ක්, සමගි ජන බලවේගය පක්ෂයෙන් සභිකයින් 04ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් සභිකයින් 2ක්, එක්සත් ජාතික පක්ෂය, මහජන සන්ධානය සහ ස්වාධීන කණ්ඩායම විසින් එක් සභික ධුරය බැගින් ලබාගෙන ඇත.

කිසිදු පක්ෂයකට බහුතර බලය හිමි නොවූ හම්බන්තොට නගර සභාවට නගරාධිපතිවරයා හා නියෝජ්‍ය

නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම වෙනුවෙන් ඊයේ (23දා) පැවති විවෘත ඡන්දයේදී නගර සභාවේ බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය හිමිකර

ගැනීමට හැකිවිය.

කිසිදු පක්ෂයක් සඳහා බහුතර බල හිමි නොවීම නිසා නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනීම වෙනුවෙන් විවෘත ඡන්දයක් පැවැත්විණි.

එහිදී ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කර සිටි අපේක්ෂකයා හට ඡන්ද 08ක් පමණක් හිමි වූ අතර සමගි ජන බලවේගය වෙනුවෙන් ඉදිරිපත් කර සිටි ඩී.ඒ. ගාමිණී මහතාට ඡන්ද 12ක් හිමි විය. ඒ අනුව හම්බන්තොට මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ඩී.ඒ. ගාමිණී මහතා පත් විය. ඒ සඳහා ඔහුට පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයන් දෙදෙනා ද සහාය පළ කර තිබේ. සර්ව ජන බලය වෙනුවෙන් තේරී පත්වූ මන්ත්‍රීවරයා කිසිවෙකුටත් ඡන්දය ලබා නොදී ස්වාධීනව සිට තිබේ. එමෙන්ම නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස පොදු ජන එක්සත් පෙරමුණේ සභිකයෙකු නිතරගයෙන් පත් විය.

මාතලේ මහ නගර සභාවේ සභාපති ලෙස එහි පැවැති රහස් ඡන්ද විමසීමෙන් ජාතික ජන බලවේගයේ අශෝක අජිත් කොට්ටහච්චි මහතා තේරී පත් විය.

රහස් ඡන්ද විමසීමට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරු සභාවෙන් පිටතට ගියහ. කොට්ටහච්චි මහතාට ඡන්ද 12ක් හිමිවූ අතර විරුද්ධව කිසිදු අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවීය.

දැරණියගල ප්‍රාදේශීය සභාවේ නව සභාපති සහ උප සභාපති තෝරා පත් කර ගැනීමේ නිලවරණය පෙරවරු 10.00ට සභා ශ්‍රවණාගාරයේදී සබරගමුව පළාත් පාලන කොමසාරිස් එල්.එම්.පී. බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීය.

මෙහිදී විවෘත ඡන්දයක් ද රහස් ඡන්දයක් ද යන්න ඡන්ද විමසීමක් පැවති අතර විවෘත ඡන්දයට ඡන්ද 10ක් ද රහස් ඡන්දයට ඡන්ද 11ක් ද ලැබී තිබුණි. ඊට විරෝධය පෑ සජබය ඇතුළු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නැඟිට පිටව යන ලදී. අනතුරුව කොමසාරිස්වරයා සභාව පැය භාගයක කාලයකට අත්හිටුවන ලද අතර දෙවන වරට රැස්වූ අවස්ථාවේ ප්‍රමාණවත් ගණ පූර්ණයක් නොමැති වූ හෙයින් පළාත් පාලන කොමසාරිස්වරයා විසින් නිලවරණය දින නියමයක් නොමැතිව කල් තබන ලදී.

මේ අතර මාතලේ අඹන්ගඟකෝරලේ ප්‍රාදේශීය සභාවේ බලය ද සමගි ජන බලවේගයට හිමිවිය.

එහිදී පැවැති ඡන්ද විමසීමේදී සජබ අපේක්ෂක සරණ කුමාර රත්නායක මහතා වැඩි ඡන්දයෙන් සභාපති ධුරයට තේරී පත් විය.

බුත්තල ප්‍රාදේශීය සභාවට සභාපතිවරයකු සහ උප සභාපතිවරයකු පත්කර ගැනීම 23දා බුත්තල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

පළාත් පාලන කොමසාරිස් (ඌව) ලලිත් හේමන්ත දිසානායක, සහකාර කොමසාරිස් (මොනරාගල) ඩබ්ලිව්.එම්. ප්‍රසන්න කුමාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

මෙහිදී සභාපතිවරයා ලෙස ඩබ්ලිව්.ඒ. රාජිත චතුරංග මහතා ඡන්ද දහයක් ලබාගනිමින් වැඩි ඡන්දය දෙකකින් සමගි ජන බලවේගය නියෝජනය කරමින් සභාපති ධුරයට පත් විය. උප සභාපති ධුරයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඒ.එම්. සරත් චන්ද්‍රසිරි මහතා ඡන්ද දහයක් ලබා ගනිමින් වැඩි ඡන්ද දෙකකින් උප සභාපති ධුරයට පත් විය. සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ පොදුජන එක්සත් පෙරමුණ යන පක්ෂවල මන්ත්‍රීවරු කණ්ඩායම එක්ව සභාපති සහ උප සභාපති ධුරය සඳහා ඡන්දය ප්‍රකාශ කළහ. බුත්තල ප්‍රාදේශීය සභාව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 08, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු 06, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 01, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු 02, පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු 01 නියෝජනය කරයි.

මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සභාපති තෝරා පත්කර ගැනීම ඊයේ (23දා) සවස 1.30ට රැස්වීම් ශාලාවේදී ආරම්භ කරන ලදී. බස්නාහිර පළාත් පාලන මැතිවරණ කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය යටතේ ඡන්ද විමසීම සහ සභාපති පත්කිරීම සිදුවිය. රහස් ඡන්දයකින් මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ජාතික ජන බලවේගයේ අපේක්ෂක ජේ.ජේ. සමන් සුජීව මහතාගේ නම යෝජනාවූ අතර පොදුජන පෙරමුණ සභාපති අපේක්ෂක ලෙස අඹවලගේ දර්ශන රුවන් වර්ණ කුමාර මහතා යෝජනා විය.

ඉන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වූ අතර මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ දෙවන සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ ජේ.ජේ. සමන් සුජීව මහතා තේරී පත්විය.
රනිල් ධර්මසේන, බඩල්කුඹුර – රවිිදු ගුණතිලක, දෙහිඕවිට – ඩබ්. එම්. තිලකරත්න, මත්තල – දිලිප් එන්. ජයසේකර, වාද්දුව – සුමිත් පොතුපිටිය, මහවැව – අමරනන්ද විජේසේකර, ගල්පාත – චන්දන පෙරේරා

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

June 22, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

June 20, 2025

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

June 22, 2025

ඉරානයේ බැලස්ටික් මර්දනයට ඊශ්‍රායලයට ඇරෝ මිසයිල හිඟ වෙයි

June 20, 2025
Related News
ප්‍රධාන පුවත්

ඇමරිකාවට අපේ වෙලාවට ප්‍රතිචාරය දෙනවා – ඉරානය කියයි

ප්‍රධාන පුවත්

හෝමූස් වැසුවොත්… හැම මොහොතක්ම දැන් තීරණාත්මකයි

ප්‍රධාන පුවත්

හිටපු ආරක්‍ෂක ප්‍රධානියකුගේ හා දේශපාලනඥයන් 26 දෙනාගේ සියලු දේපළ වත්කම් සොයයි

ප්‍රධාන පුවත්

හිටපු මන්ත්‍රී සජින් ද වාස් අත්අඩංගුවට ගැනීමට නියෝග

ප්‍රධාන පුවත්

සී අයි ඩීයෙන් හරක්කටාට සැඟවුණු ආශිර්වාදයක් ලැබෙන බව හැඟුණු නිසා හරක්කටා පිළිබඳ විමර්ශන සීසීඩීයට භාරදීමට තීරණය කළා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok