ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණික මර්දන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ආගමන හා රේගු බලාත්මක කිරීමේ නිලධාරීන් ලොස් ඇන්ජලීස් නගරය පුරා වැටලීම් සිදු කිරීමත් සමග ඇති වූ විරෝධතා හේතුවෙන් තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප් ජාතික ආරක්ෂක භාවයන් 4000ක් හා මැරීන් භටයන් 700ක් යොදවා ඇති බව වාර්තා වේ.
ලොස් ඇන්ජලීස් සහ ඒ අසල පිහිටි පැරාමවුන්ට් නගරයේ එක්සත් ජනපද ආගමන සහ රේගු බලාත්මක කිරීමේ (ICE) වැටලීම් සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා ප්‍රථමවරට විරෝධතාවයන් ඇති වූ අතර මේවන විට එය ට්‍රම්ප්ගේ මර්දනයට මෙන්ම ඔහුගේ සමස්ත ආගමන ප්‍රතිපත්තියට එරෙහිව ක්‍රියාත්මක වෙමින් පවතියි. දේශීය නීතිය ක්‍රියාත්මක කිරීමේදී එක්සත් ජනපද හමුදා භටයින් සම්බන්ධ වීම අතිශයින් අසාමාන්‍ය වන අතර ට්‍රම්ප් ලොස් ඇන්ජලීස් වෙත ජාතික ආරක්ෂක භටයින් යෙදවීමට ගත් තීරණයට අභියෝග කරමින් ප්‍රාන්තය නඩුවක් ගොනු කර ඇති බව නිව්සම් සහ කැලිෆෝනියා නීතිපති රොබ් බොන්ටා නිවේදනය කර තිබේ. පසුගියදා ජනාධිපති ට්‍රම්ප් විසින් රටවල් 12 ක සංචාරකයින් සඳහා පැනවූ නවතම තහනමට ප්‍රතිචාර වශයෙන් විරෝධතාකරුවන් නිව්යෝර්ක් සහ ලොස් ඇන්ජලීස්හි රැස්ව ඇති අතර ඔවුන් ප්‍රතිපත්ති විවේචකයින් හා ජාතිවාදී ලෙස හෙළා දැක තිබේ.