ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමාට එලොන් මස්ක් සමග කතා කිරීමට උවමනාවක් නැති බව පවසා තිබේ.
ට්‍රම්ප් පැවසුවේ මස්ක් සමග කතා කිරීමට තමාට කිසිදු සැලසුමක් නොමැති බවයි. “මම වෙනත් දේවල් කිරීමට කාර්යබහුලයි මට ඔහු සමග කතා කිරීමට කිසිදු අදහසක් නැත,” යනුවෙන් ජනපතිවරයා පැවසූ බව එන්බීසී ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබිණි.
රිපබ්ලිකන් පක්ෂයේ අයවැය පනතට පක්ෂව ඡන්දය දෙන රිපබ්ලිකන් පක්ෂයට එරෙහිව එලොන් මස්ක් කටයුතු කරන්නේ නම් ඔහුට “බරපතළ ප්‍රතිවිපාක” ඇති විය හැකි බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනසුරාදා ප්‍රකාශ කළ බව එන්බීසී ප්‍රවෘත්ති වාර්තා කළේය.
“ඔහු එසේ කළහොත්, ඒ සඳහා ඔහුට ප්‍රතිවිපාක ගෙවීමට සිදුවනු ඇත,” ට්‍රම්ප් දුරකථන සම්මුඛ සාකච්ඡාවකදී එන්බීසී ප්‍රවෘත්ති වෙත පැවසූ නමුත් එම ප්‍රතිවිපාක මොනවා දැයි බෙදා ගැනීම ප්‍රතික්ෂේප කළේය.
ලොව බලවත්ම මිනිසා හා ලොව ධනවත්ම මිනිසා අතර ආරාවුල ඔවුන් දෙදෙනාටම දේශපාලන හා ආර්ථික ප්‍රතිවිපාක ඇති කළ හැකි පූර්ණ ආරවුලක් දක්වා මේ වන විට වර්ධනයව පවතියි. එලොන් මස්ක් මේ වන විට සතියකට වැඩි කාලයක් තිස්සේ ජනාධිපති ට්‍රම්ප්ගේ වියදම් පනත් කෙටුම්පත විවේචනය සිය දේශපාලනය අවසන් කරන බවට ප්‍රකශ කිරීමත් සමග ඊට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබුණේ, රජයේ කොන්ත්‍රාත්තු අවලංගු කිරීම මුදල් ඉතිරි කරගැනීමට සරල ක්‍රමයක් වනු ඇති බවයි.